බලං‌ගොඩ කස්සප හිමියන්ට එරෙහිව අධිකරණ වරෙන්තු

බලංගොඩ කස්සප හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන මෙන් වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය අද මෙම නියෝගය නිකුත් කළා.

ත්‍රිකුණාමලය වෙරළ තීරයේ නීති විරෝධී ලෙස බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපනය කිරීම සහ නීති විරෝධී ඉදිකිරීම් සම්බන්ධයෙන් වන නඩුව අද ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණා.

නඩුවේ චූදිතයන් වන පූජ්‍ය කස්සප හිමියන් ඇතුළු කණ්ඩායම නඩු විභාගයට පෙනී නොසිටීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නිකුත් කර ඇති බවට වාර්තාවෙනවා.