දිවුලපිටිය ප්රාදේශීය සභාවේ නීති විරෝධී මහ සභා රැස්වීම පොදු විපක්ෂයේ සියලු මන්ත්රීවරුන්ගේ දැඩි විරෝධය මත අභියෝගයට ලක් කරමින් රැස්වීම නොවැම්බර් 19 දක්වා කල් තබා ඇති බවට එම ප්රාදේශිය සභාවේ සමගි ජන බලවේග මන්ත්රී සංජීව ධම්මික ප්රකාශ කරනවා.
දිවුලපිටිය ප්රාදේශීය සභාවේ පාලනාධිකාරිය විසින් 2020 අංක 2198/54 දරන ගැසට් පත්රයේ නීති රීති පයින් ගසමින්, මන්ත්රීවරුන්ට හිමිවිය යුතු වැඩ කරන දින කාල සීමාව උල්ලංඝනය කරමින් (නොවැම්බර් 05 වන දින රාත්රී 10.30 ට ලේඛන ලබා දෙමින්) අද දින (නොවැම්බර් 11) කැඳවා තිබූ නීති විරෝධී මහ සභා රැස්වීමට එරෙහිව පොදු විපක්ෂය නියෝජනය කරන සියලුම මන්ත්රීවරුන්ගේ එකමුතුවෙන් සහ අද දින සභාව තුළ දැඩි විරෝධතාවයක් සහ සාර්ථක නීතිමය මැදිහත් වීමක් ක්රියාත්මක කර තිබෙනවා.
සමගි ජන බලවේගය ඇතුළු පොදු විපක්ෂයේ සියලු දෙනාගේ බලවත් විරෝධය හමුවේ, ප්රාදේශීය සභා මන්ත්රී සංජීව ධම්මික විසින් සභාව හමුවේ මතු කරන ලද දැඩි රීති ප්රශ්නය (Point of Order) සහ නීතිමය සාක්ෂි ඉදිරියේ පාලනාධිකාරියට සම්පූර්ණයෙන්ම පසුබැසීමට සිදුවු බවයි වාර්තාවන්නේ.
ඒ අනුව, අද දින පැවැත්වීමට නියමිතව තිබූ මහ සභා රැස්වීම නීති විරෝධී බවට පොදු විපක්ෂය මතු කළ දැඩි විරෝධය ෙපිළිගනිමින්, සභාපති නීතිඥ ජනක විකුම්තිලක විසින් අද දින සභාව නොපවත්වන බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
එමෙන්ම, අදාළ දෝෂයන් නිවැරදි කරමින් මහ සභා රැස්වීම නොවැම්බර් මස 19 වන දින දක්වා කල් තබන බවටද නිවේදනය කර තිබෙනවා.
පාලනාධිකාරියේ හිතුවක්කාරී සහ නීති විරෝධී ක්රියාදාමයන්ට එරෙහිව පොදු විපක්ෂය ලෙස සියලු දෙනා එක්ව ගෙන ගිය මෙම ප්රජාතන්ත්රවාදී සටන සහ නීතිමය ජයග්රහණය දිවුලපිටිය ප්රදේශයේ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් ලැබූ අමතක නොවන කඩඉමක් බව සංජීව ධම්මික මන්ත්රීවරයා ප්රකාශ කරනවා
