Empty Ad
AFC Banner
Empty Ad

මාළු ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ගත් දෙදෙනෙක් අත්අඩංගුවට

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජනය කර කප්පම් ලබාගත් සැකකරුවන් දෙදෙනෙක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා විසින් ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂයක කප්පම් මුදලක් ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා 45, 42 යන වයස්වල පසුවන දෙවුන්දර සහ කිරින්ද ප්‍රදේශයන් හි පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී මත්ස්‍ය වෙළඳපොළ අසල ලඳු කැලෑවක සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සහ එයට යොදන උණ්ඩ 05ක්, ගල්කටස් වර්ගයේ අවියක් සහ එයට යොදන මිලිමීටර් නමය වර්ගයේ උණ්ඩ 10ක් ද සොයාගත් බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?