මාළු ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ගත් දෙදෙනෙක් අත්අඩංගුවට

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජනය කර කප්පම් ලබාගත් සැකකරුවන් දෙදෙනෙක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා විසින් ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂයක කප්පම් මුදලක් ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා 45, 42 යන වයස්වල පසුවන දෙවුන්දර සහ කිරින්ද ප්‍රදේශයන් හි පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී මත්ස්‍ය වෙළඳපොළ අසල ලඳු කැලෑවක සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සහ එයට යොදන උණ්ඩ 05ක්, ගල්කටස් වර්ගයේ අවියක් සහ එයට යොදන මිලිමීටර් නමය වර්ගයේ උණ්ඩ 10ක් ද සොයාගත් බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එක යන්න දෙන්නේ නෑ - මූ බීලා ඉන්නේ, බස් එකෙන් බස්සන්න
02:47
Video thumbnail
අක්කර 20ක් වඩා විනාශ කළ කඳු රක්ෂිතයේ ගින්න
01:30
Video thumbnail
පොහොසත් රටක් නෑ, පොහොසත් ආණ්ඩුවක් තියෙන්නේ
07:58
Video thumbnail
ශ්‍රී ලංකා මුස්ලිම් කාන්තා සංගමයේ 90 වන සංවත්සරය අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් සමරයි
01:29
Video thumbnail
නාමල්, ජනපති අනුරට දාපු කින්ඩිය - 75%ක් ජනපතිට කැමතියි ලු, හිනාවෙන්න එපා
11:46
Video thumbnail
නාමල්ගේ ගමනට පොලිස් නිලධාරියෙක් හරස් වෙයි
01:38
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල ප්‍රකාශය - අභියෝගාත්මක තත්ත්වයකට විනිශ්චකාරවරුන් මුහුණ දෙන්නේ
11:48
Video thumbnail
අපි ස#රා#න් එක්කලා ෆොටෝ ගහලා නෑ බොලව් - අපි හැරිලා ගැ#වොත් උඹලට දුවන්න පාරවල් නෑ
11:57
Video thumbnail
දෙහිඅත්තකණ්ඩියට ගිය දිලිත් තරුණයින්ට සමරු සටහනුත් දෙයි..ගොවියන් බඳාගෙන දුක කියයි
03:42
Video thumbnail
ප්‍රධාන සාක්ෂිකරුවන් තුන්දෙනෙක් සියදිසි න#ගෙන - පෙර රජයවල් ලේසියෙන් සාක්ෂි ඉතුරු කරන්නේ නෑ
03:32