මාළු දැලක පැටලී ආ ජීව අත්බෝම්බය

අඟුරුවාතොට කැන්නන්තුඩාව ප්‍රදේශයේ පින් වේල්ල ඇළ මාර්ගයේ මාළු දැලක පැටලී ආ ජිව අත්බෝම්බයක් (20) සවස හමුවී ඇතැයි අඟුරුවාතොට පොලීසිය කියයි

පින් වේල්ල ප්‍රදේශයේ ඇති කුඹුරු සඳහා ජලය සැපයෙන ඇළ මාර්ගයේ බටගොඩ කැන්නන්තුඩාව මාර්ගය ආසන්නයේ ඇති වතුර වලේ තරුණයන් තිදෙනකු මාළු ඇල්ලීම සඳහා දැල් දැමීම සිදු කරමින් සිටියදී දැලෙහි පැටලී ජීව අත්බෝම්බය හමු වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

එම බෝම්බය කිසියම් හෝ පුද්ගලයෙකු විසිකළ බෝම්බයක් විය හැකි බව පොලිස් නිලධාරියකු පැවැසීය

මාළු ඇල්ලීම සඳහා පැමිණ සිටි තරුණයන් දොඹගොඩ අදිකාරි ගොඩ හා ගල්පාත බටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් ය

අඟුරුවාතොට පොලිසිය පරීක්ෂණ පවත්වයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?