ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 206ක කඩිනම් මූල්‍ය පහසුකමක්

ශ්‍රී ලංකාවට, ඇමරිකානු ඩොලර් මිලියන 206ක ක්ෂණික මූල්‍යකරණයකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ හානියෙන් පසු පවතින අභියෝගයන්වලට මුහුණදීම සඳහා ඩොලර් මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමක් ලබාදෙන ලෙස රජය මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් සිදුකළා.

ඒ, අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ අරමුදල් ණය පහසුකමට අමතරව මෙම මූල්‍ය පහසුකම ලබාදීමට එකඟ වී තිබෙනවා.

මෙම හදිසි පැකේජය අනුමත කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල රැස්වීමෙන් පසුව අදහස් දක්වමින්, ශ්‍රී ලංකාව සඳහා IMF මෙහෙවර ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ තහවුරු කළේ මෙම තීරණය විශේෂයෙන් හදිසි මූල්‍යකරණයට සම්බන්ධ වී ඇති බවත්, එය විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ පවතින විධිවිධානය සඳහා කාලරාමුවෙහි විරාමයක් සමඟ පැමිණෙන බවයි.

එමෙන්ම රටේ දැනට ක්‍රියාත්මක IMF වැඩසටහන් සමාලෝචනය ලබන වසර දක්වා කල් දමා ඇති බවත් ඔහු සඳහන් කළා.

සම්බන්ධයෙන් සාකච්ඡා යළි ආරම්භ කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් කණ්ඩායමක් එළඹෙන 2026 මුල් භාගයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55