ශ්‍රී ලංකා යෞවනයන් පරදමින් ඉන්දීය යෞවනයන් අවසන් තරගයට

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහා ඉන්දියාව අතර තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද (19) පැවැත්වුණා.

තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය නායකයා පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් අතර තරගය ආරම්භ කිරිමා සඳහා වර්ෂාව බාධාවක් වූ නිසා තරගය පන්දුවාර 20කට පමණක් සීමා වුණා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා යෞවනයන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවීගොස් රැස්කර ගනු ලැබුවේ ලකුණු 138 ක් පමණයි.

එහිදී කණ්ඩායමේ පිතිකරණ නැංගුරුම බවට පත්වූ චාමික හීනටිගල පන්දු 38ක් තුළ ලකුණු 42ක් රැස්කර ගත්තා.

කෙසේ වෙතත් පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 18ක් පමණක් වැය කරමින් කඩුලු 02 පමණක් ලබා දෙමින් සිය ලකුණු 139ක ඉලක්කය සාර්ථකව හඹා යමින් කඩුලු 08ක ජයක් අත්කර ගනු ලැබුවා.

එමෙන්ම බංගලාදේශය සහ පකිස්ථානය අතර පැවති අනෙක් අවසන් පූර්ව වටයේ තරගය පකිස්ථානය ජය ගැනීමත් සමඟ පකිස්ථානය සහ ඉන්දියාව අතර වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලයනේ අවසන් තරගය අනිද්දා (21) දිනයේ දී පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිතුමියත් දැන් අනාරක්ෂිතයි ?දේශපාලකයා විතරක් නෙවෙයි හිඟන්නත් අනතුරේ
04:04
Video thumbnail
නාමල්ට හිරගෙට යන්න වුණු හේතුව - සාගරගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
19:10
Video thumbnail
ජලය නොමැතිව සිටි සතුන්ට බවුසර් මගින් ජලය ගෙන එන අයුරු
00:53
Video thumbnail
වැව අසළින් මතුවූ සැකකටයුතු පාර්සලය
00:56
Video thumbnail
පුද්ගලයෙක් එළොව යැවූ බොරලැස්ගමුව රත්කළ වෙ#ල්ල
00:35
Video thumbnail
නාමල් වැලිකඩට ගියත් එක්කම ප්‍රබලයෙක් වැලිකටඩ එයි
01:39
Video thumbnail
අභිරහසක් ඉතුරු කර මහ මග අවසන් ගමන් ගිය පොලිස් නිළධාරියා
00:56
Video thumbnail
පොහොට්ටුවේ සංජීව ආණ්ඩුවට ස්තූති කරයි - මාලිමාව, මහින්දට Invitation එකක් යැව්වා වගේ
02:50
Video thumbnail
ඇමතියෙක්ගේ ව්‍යාපාරික සගයගේ සාක්ෂියෙන් නාමල් ඇතුළට ගත්තේ - චානකගෙන් හෙළිදරව්වක්
06:36
Video thumbnail
ගෑස් මිල අඩුවීම ගැන මිනිස්සු කියන කතා - ජනාධිපතිතුමා සපෝට් එකක් දෙන්න එපැයි
03:42