මාළු,මස්,බිත්තර මිල නැවතත් ඉහලට?

මාළු, මස්, බිත්තර මිල ගණන් තවදුරටත් ඉහළ යෑමේ තත්වයක් උද්ගතව ඇති බව වාර්තා වනවා ඒ නැවත වරක් ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන්.

බිත්තරයක මිල රුපියල් 38 ක් හෝ 40 ක් දක්වාවත් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක පවසයි.

“අද වෙද්දී කුකුළු ආහාර මිල සේම ඉන්ධන මිලත් වැඩිවීම නිසා බිත්තරයක නිෂ්පාදන වියදම විතරක් රුපියල් 31 ක් දක්වා වැඩිවී තිබෙනවා. කුකුළු ආහාර මිල ගණන් වැඩිවීම නිසා කුඩා පරිමාණ කුකුළු ව්‍යාපාරිකයන් රැසක් කර්මාන්තයෙන් ඉවත් වෙලා ඉන්නේ. රුපියල් 65 කට 70 කට අලෙවි කෙරුණු කුකුළු කෑම කිලෝවක මිල රුපියල් 220 ක් දක්වා වැඩිවී තිබෙනවා. ඉන්ධන මිල වැඩිවීමත් සමග එය තවත් වැඩිවේවි. ගොවියාට මේ ව්‍යාපාරයේ රැඳී ඉන්න නම් අඩුම වශයෙන් බිත්තරයක් රුපියල් 38 කට හෝ 40 කට වත් අලෙවි කරන්න සිදුවෙනවා.“ යැයි සභාපතිවරයා පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?