මාස 06ක කළ කැපවීම ලෝක කුසලාන ජයග්‍රහණයෙන් අවසන් වුණා – කමින්ස් කියයි

2023 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ නායක පැට් කමින්ස් සහ වේගපන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වූඩ් දෙදෙනා ඇතුලු ක්‍ර්‍රීඩකයින් පිරිසක් ලෝක කුසලාන ජයග්‍රහණයෙන් අනතුරුව අද අළුයම නැවත සියරට බලා පැමිණියා.

ඒ ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළින්.

ලෝක කුසලානයෙන් පසුව ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරග 5කින් සමන්විත පන්දුවාර 20 තරගාවලියක් පැවැත්වෙන අතර ඒ සඳහා එක් නොවන ඔස්ට්‍රෙලියානු එක්දින කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් පිරිසකුයි මෙලෙස නැවත ඔස්ට්‍රෙලියාව බලා ගියේ.

සිඩ්නි ගුවන්තොටුපලේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් පැට් කමින්ස් කියා සිටියේ නායකයෙකු ලෙස මාස හයක පමණ කාලයක් අඛණ්ඩ ව සිදු කළ කැප කිරීම්වල ප්‍රතිඵල උපරිමයෙන් ලබා ගැනීමට හැකි වූ බවයි.

ලෝක කුසලාන ජයග්‍රහණය එහි උපරිමය බවත් ඔහු කියා සිටියා.

“සෑම පැය භාගයකට වරක් හෝ ඔබට මතක් වෙනවා ඇති ඔබ ලෝක කුසලානයක් ජයග්‍රහණය කර නැවත නැවතත් උද්දාමයට පත් වූ බව. අපි තවමත් ඝෝෂා කරනවා,” සිඩ්නි ගුවන් තොටුපොළේ දී කමින්ස් කියා සිටියා.

“එය දීර්ඝ වසරක්. මම හිතන්නේ ඔවුන් ඔවුන්ගේ ම උරුමයක් නිර්මාණය කර ගත්තා. ලෝක කුසලානයක්, ඔබට සෑම වසර හතරකට වරක් එක් අවස්ථාවක් පමණක් ලැබෙන අතර විශේෂයෙන් ඉන්දියාව වැනි තැනක ක්‍රීඩා කර එය ජයග්‍රහණය කිරීම තවත් දුෂ්කර දෙයක්. අපිට මීට වඩා හොඳ දෙයක් සැලසුම් කරන්න තිබුණේ නැහැ. ඒ නිසා සෑහෙන තෘප්තිමත් කණ්ඩායමක්.”

මෙහිදී අදහස් දැක්වූ ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් කියා සිටියේ අවසන් තරගයේ පළමුව පන්දුවට ගත් තීරණය ඉතාම නිවැරදි තීරණයක් බවයි. තණතීරුවේ ස්වභාවය සහ රාත්‍රී කාලයේ ක්‍රීඩා කිරීමේ දී ඇතිවන තෙතමනය සහිත තත්ත්වය ඒ තීරණය නිසාවෙන් මගහරවා ගැනීමට හැකි වූ බව ඔහු කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
2
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?