මාස 06ක කළ කැපවීම ලෝක කුසලාන ජයග්‍රහණයෙන් අවසන් වුණා – කමින්ස් කියයි

2023 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ නායක පැට් කමින්ස් සහ වේගපන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වූඩ් දෙදෙනා ඇතුලු ක්‍ර්‍රීඩකයින් පිරිසක් ලෝක කුසලාන ජයග්‍රහණයෙන් අනතුරුව අද අළුයම නැවත සියරට බලා පැමිණියා.

ඒ ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළින්.

ලෝක කුසලානයෙන් පසුව ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරග 5කින් සමන්විත පන්දුවාර 20 තරගාවලියක් පැවැත්වෙන අතර ඒ සඳහා එක් නොවන ඔස්ට්‍රෙලියානු එක්දින කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් පිරිසකුයි මෙලෙස නැවත ඔස්ට්‍රෙලියාව බලා ගියේ.

සිඩ්නි ගුවන්තොටුපලේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් පැට් කමින්ස් කියා සිටියේ නායකයෙකු ලෙස මාස හයක පමණ කාලයක් අඛණ්ඩ ව සිදු කළ කැප කිරීම්වල ප්‍රතිඵල උපරිමයෙන් ලබා ගැනීමට හැකි වූ බවයි.

ලෝක කුසලාන ජයග්‍රහණය එහි උපරිමය බවත් ඔහු කියා සිටියා.

“සෑම පැය භාගයකට වරක් හෝ ඔබට මතක් වෙනවා ඇති ඔබ ලෝක කුසලානයක් ජයග්‍රහණය කර නැවත නැවතත් උද්දාමයට පත් වූ බව. අපි තවමත් ඝෝෂා කරනවා,” සිඩ්නි ගුවන් තොටුපොළේ දී කමින්ස් කියා සිටියා.

“එය දීර්ඝ වසරක්. මම හිතන්නේ ඔවුන් ඔවුන්ගේ ම උරුමයක් නිර්මාණය කර ගත්තා. ලෝක කුසලානයක්, ඔබට සෑම වසර හතරකට වරක් එක් අවස්ථාවක් පමණක් ලැබෙන අතර විශේෂයෙන් ඉන්දියාව වැනි තැනක ක්‍රීඩා කර එය ජයග්‍රහණය කිරීම තවත් දුෂ්කර දෙයක්. අපිට මීට වඩා හොඳ දෙයක් සැලසුම් කරන්න තිබුණේ නැහැ. ඒ නිසා සෑහෙන තෘප්තිමත් කණ්ඩායමක්.”

මෙහිදී අදහස් දැක්වූ ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් කියා සිටියේ අවසන් තරගයේ පළමුව පන්දුවට ගත් තීරණය ඉතාම නිවැරදි තීරණයක් බවයි. තණතීරුවේ ස්වභාවය සහ රාත්‍රී කාලයේ ක්‍රීඩා කිරීමේ දී ඇතිවන තෙතමනය සහිත තත්ත්වය ඒ තීරණය නිසාවෙන් මගහරවා ගැනීමට හැකි වූ බව ඔහු කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
2
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27