2023 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ නායක පැට් කමින්ස් සහ වේගපන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වූඩ් දෙදෙනා ඇතුලු ක්‍ර්‍රීඩකයින් පිරිසක් ලෝක කුසලාන ජයග්‍රහණයෙන් අනතුරුව අද අළුයම නැවත සියරට බලා පැමිණියා.
ඒ ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළින්.
ලෝක කුසලානයෙන් පසුව ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරග 5කින් සමන්විත පන්දුවාර 20 තරගාවලියක් පැවැත්වෙන අතර ඒ සඳහා එක් නොවන ඔස්ට්‍රෙලියානු එක්දින කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් පිරිසකුයි මෙලෙස නැවත ඔස්ට්‍රෙලියාව බලා ගියේ.
සිඩ්නි ගුවන්තොටුපලේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් පැට් කමින්ස් කියා සිටියේ නායකයෙකු ලෙස මාස හයක පමණ කාලයක් අඛණ්ඩ ව සිදු කළ කැප කිරීම්වල ප්‍රතිඵල උපරිමයෙන් ලබා ගැනීමට හැකි වූ බවයි.
ලෝක කුසලාන ජයග්‍රහණය එහි උපරිමය බවත් ඔහු කියා සිටියා.
“සෑම පැය භාගයකට වරක් හෝ ඔබට මතක් වෙනවා ඇති ඔබ ලෝක කුසලානයක් ජයග්‍රහණය කර නැවත නැවතත් උද්දාමයට පත් වූ බව. අපි තවමත් ඝෝෂා කරනවා,” සිඩ්නි ගුවන් තොටුපොළේ දී කමින්ස් කියා සිටියා.
“එය දීර්ඝ වසරක්. මම හිතන්නේ ඔවුන් ඔවුන්ගේ ම උරුමයක් නිර්මාණය කර ගත්තා. ලෝක කුසලානයක්, ඔබට සෑම වසර හතරකට වරක් එක් අවස්ථාවක් පමණක් ලැබෙන අතර විශේෂයෙන් ඉන්දියාව වැනි තැනක ක්‍රීඩා කර එය ජයග්‍රහණය කිරීම තවත් දුෂ්කර දෙයක්. අපිට මීට වඩා හොඳ දෙයක් සැලසුම් කරන්න තිබුණේ නැහැ. ඒ නිසා සෑහෙන තෘප්තිමත් කණ්ඩායමක්.”
මෙහිදී අදහස් දැක්වූ ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් කියා සිටියේ අවසන් තරගයේ පළමුව පන්දුවට ගත් තීරණය ඉතාම නිවැරදි තීරණයක් බවයි. තණතීරුවේ ස්වභාවය සහ රාත්‍රී කාලයේ ක්‍රීඩා කිරීමේ දී ඇතිවන තෙතමනය සහිත තත්ත්වය ඒ තීරණය නිසාවෙන් මගහරවා ගැනීමට හැකි වූ බව ඔහු කියා සිටියා.














ARUN PITCH EKA THEMALA NE THIBUNE. U HITUWE TOSS EKA DINALA AUSSI LA TA BAT KARANNA DENNA HO AUSSIE LA DINALA UN BAT KARAYI KIYALA, EKA THAMAYI UNGE UGULA. SUDDO KOHOMATH KAPATIYI. PAT DAWAS 2 KALIN PITCH EKA VIDEO KARALA THIBUNA NISA MATCH EKA DAWASE PITCH EKA BALUWAMA THERUNA MUN KARAPU JADA WADEYI. AUSSIE LATH HONDAAA MINISSU NOWEYI. NUTH MEHEMA BALU WEDA APITA KALA. THAMATH KARANAWA. APE UNTA DENNE 3RD CLASS HOTELS, PAHATH SELAKILI. USUU VISULU APHASA UPAHAA KARANAWA. NAMUTH INDIA AWURUDU 10 KALIN T20 ATAWALA KALEYI LOKEMA INNA DAKSHAYIN GENWALA UNGE TACTICS HORAKAM KALA EKA. ITA PASSE WC EKA PLAN KALEMA UNTA 1000% WASI WENA LESA. ICC RULES PAWA WENAS KALA UNTA WASII LESA. EKA NISA UNTA KELAWENAKAM APITH BALAGENA HITIYA, PALAMU WATHAWATA API AUSSIE LATA CHEER KALA. EHEMA KALEYI INDIA OHOMA ASSEMITHAWA WADENAKOTA UN LANGA INNA APITA, INNA HITIINA THIYENA IDA NATHI WENA NISA. INDIA IDHIMENAKOTA AMANUSHIKA BAWA API DAKKA ME WC EKEN. EKA WENNA DENNA IDHA THIYANNA HONDHAMA NAHE.