AFC Banner
Empty Ad
Empty Ad

මාව එලෙවුවා වගේ විමල් එලවන්න ලැබෙන්නේ නෑ.. විමල් ඉතා ශක්තිමත්.. ජනතාව ප‍්‍රිය කරනවා…

තමන් එලවා දැමූ ආකාරයට නම් විමල් වීරවංශ මහතා ආණ්ඩුවෙන් එළවා දැමීමට බැසිල් රාජපක්ෂ මහතාට හැකි වන්නේ නැතැයි හිටපු ඇමති මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.

විමල් වීරවංශ ඉතා ශක්තිමත් චරිතයක් බවත් ජනතාව ප්‍රිය කරන කෙනෙක් බවත් එනිසා ඔහු කෝම්බයක් එළියට විසි කරනවා සේ විසි කළ නොහැකි වනු ඇතැයි ද ඒ මහතා පැවසීය.

ජනාධිපතිතුමන්ට පක්ෂයේ ඉහල තනතුරක් ලැබිය යුතු බවට විමල් වීරවංශ විසින් මහතා විසින් කරන ලද ප්‍රකාශය තමන් ද සියයට සීයක් පිළිගන්නා බවද ඔහු පැවසීය.

රටට වැඩක් කරන්න නම් ජනාධිපතිතුමාට දේශපාලන පක්ෂයක නායකත්වයක් තිබිය යුතු බවද ඔහු සඳහන් කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?