මාව එලෙවුවා වගේ විමල් එලවන්න ලැබෙන්නේ නෑ.. විමල් ඉතා ශක්තිමත්.. ජනතාව ප‍්‍රිය කරනවා…

තමන් එලවා දැමූ ආකාරයට නම් විමල් වීරවංශ මහතා ආණ්ඩුවෙන් එළවා දැමීමට බැසිල් රාජපක්ෂ මහතාට හැකි වන්නේ නැතැයි හිටපු ඇමති මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.

විමල් වීරවංශ ඉතා ශක්තිමත් චරිතයක් බවත් ජනතාව ප්‍රිය කරන කෙනෙක් බවත් එනිසා ඔහු කෝම්බයක් එළියට විසි කරනවා සේ විසි කළ නොහැකි වනු ඇතැයි ද ඒ මහතා පැවසීය.

ජනාධිපතිතුමන්ට පක්ෂයේ ඉහල තනතුරක් ලැබිය යුතු බවට විමල් වීරවංශ විසින් මහතා විසින් කරන ලද ප්‍රකාශය තමන් ද සියයට සීයක් පිළිගන්නා බවද ඔහු පැවසීය.

රටට වැඩක් කරන්න නම් ජනාධිපතිතුමාට දේශපාලන පක්ෂයක නායකත්වයක් තිබිය යුතු බවද ඔහු සඳහන් කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36