මාලි රාජ්‍යයේ බෝට්ටුවකට එල්ල වූ ප්‍රහාරයකින් 49ක් මරුට

මාලි රාජ්‍යයේ ඊසානදිග ප්‍රදේශයේ දී ඉස්ලාමීය සටන්කාමීන් බෝට්ටුවකට එල්ල කළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 49 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඔවුන් හමුදා කඳවුරකට ද ප්‍රහාරයක් එල්ල කළ අතර, එම ප්‍රහාරයෙන් සෙබළුන් 15 දෙනෙකු මිය ගිය අතර, සටන්කාමීන් 50ක් පමණ ද මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සටන්කාමීන්ගේ මෙම ප්‍රහාරය හේතුවෙන් මාලි රජය දින තුනක ජාතික ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ගාඕ නගරයේ සිට මොප්ටි දක්වා නයිජර් ගංගාව ඔස්සේ ගමන් කරමින් සිටියදී සටන්කාමීන් බෝට්ටුවට ප්‍රහාර එල්ල කළ බවයි වාර්තා වන්නේ.

මාලි රාජ්‍යයේ නිසි නඩත්තුවකින් මෙන්ම ගුණාත්මක බවින් අඩු මාර්ග සහ දුම්රිය මාර්ගද නොමැති කලාපයක ගංගාව ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයක් ලෙසට භාවිත කෙරෙනවා.

අල්කයිඩාවට සම්බන්ධ කණ්ඩායමක් වන Jamaat Nusrat al-Islam wal-Muslimin (JNIM) කියා සිටියේ තමන් හමුදා කඳවුරට ප්‍රහාරය එල්ල කළ නමුත් බෝට්ටු ප්‍රහාරයක් සිදු නොකළ බවයි.

මාලි රාජ්‍ය 2020 වසරේ සිට හමුදා ජුන්ටාවක පාලනය යටතේ පවතිනවා.

එවක ජනාධිපති ඊබ්‍රාහිම් බූබකාර් කීටාට එරෙහි මහජන විරෝධතාවලින් පසුව ජුන්ටාව බලය අල්ලා ගන්නා විට ඊට විශාල මහජන සහයෝගයක් පැවතුණා.

මාලි හමුදා බලධාරීන් ප්‍රංශ හමුදා සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ට රටින් පිටව යන ලෙස නියෝග කර ඇති අතර ඔවුන් වෙනුවට රුසියානු කොන්ත්‍රාත්කරුවන්ට ද ආරාධනා කර තිබෙනවා.

අල්-කයිඩා සහ ඉස්ලාමීය රාජ්‍ය සමඟ සම්බන්ධකම් ඇති කැරැල්ලක් 2012 වසරේ දී මාලි හි උතුරේ ආරම්භ වුණා.

එතැන් සිට ඉස්ලාමීය සටන්කාමීන් සහේල් ප්‍රදේශය පුරා, විශේෂයෙන් බර්කිනා ෆාසෝ සහ නයිජර් දක්වා ව්‍යාප්ත වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15