මාලිමා මන්ත්‍රී පැදවූ මෝටර් රථය අනතුරකට ලක්වෙයි

ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් ෆයිසාල් පැදවූ මෝටර් රථය අනතුකට ලක්ව තිබෙනවා.

හලාවත – බණ්ඩාරවත්ත ප්‍රදේශයේ දී මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී මෙම අනතුරක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (29) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති අතර, අනතුර සිදුව අවස්ථාවේ මන්ත්‍රීවරයා පමණක් මෝටර් රථයේ සිට තිබෙනවා.

අනතුරෙන් මන්ත්‍රීවරයාට හානියක් සිදුව නොමැති බවයි තොරතුරු වාර්තා වුණේ.

අනතුර සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !