මාලදිවයිනේ නිල සංචාරයකට ගිය ජනපති අනුරට උණුසුම් පිළිගැනීමක් (වීඩියෝ)

තෙදින නිල සංචාරය සඳහා මාලදිවයින බලා පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මාලදිවයින වෙත ළඟා වී තිබෙනවා.

මාලදිවයිනේ වේලානා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ජනධිපතිවරයාව, මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු සහ එරට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.

මේ අතර ජනාධිපතිවරයාගේ නිල පිළිගැනීමේ උත්සවය අද (28) පස්වරුවේ මාලේ නගරයේ ජනරජ චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (28) පෙරවරු 7.30ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 101 දරණ ගුවන් යානයෙන් මාලදිවයින බලා දිවයිනෙන් පිටත්ව ගියා.

අද 28 සිට ලබන 30 වනදා දක්වා සිදුකෙරෙන රාජ්‍ය සංචාරය අතරතුරදී, ජනාධිපති අනුර කුමාර දිසානායක මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා – මාලදිවයින් අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමට ද නියමිතව තිබෙනවා.

එමෙන්ම, මෙම රාජ්‍ය සංචාරය අතරතුර, ජනාධිපතිවරයා මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසද හමුව ඇමතීමට සහ මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට ද නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?