මාලදිවයිනේ නව ජනපතිට ශ්‍රී ලංකා ජනපතිගෙන් සුබ පැතුම්

මාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරි පත් වු මොහොමඩ් මුයිසු මහතා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් සුබපැතුම් පිරිනමා තිබෙනවා.

මොහොමඩ් මුයිසු මහතා වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමිනුයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස තම සුබපැතුම් පළ කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් දෙරට අතර පවතින සමීප සහ සුහද ද්විපාර්ශ්වික සබඳතා නව ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ පාලන කාලය තුළ තවදුරටත් ශක්තිමත් සහ බහුවිධ හවුල්කාරිත්වයක් බවට පත් කර ගැනීම සම්බන්ධයෙන් තමන් තුළ ඇති කැමැත්ත ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

එසේම අධ්‍යාපන, සෞඛ්‍ය මෙන්ම ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජන යන ක්ෂේත්‍ර ආවරණය කරමින් ආර්ථික සහයෝගිතාව ඉහළ නංවා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී නව ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා සමඟ සමීපව කටයුතු කිරීමට ද අපේක්ෂා කරන බවයි පවසා ඇත්තේ.

නව ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ පාලන කාලය තුළ මාලදිවයිනට සමෘද්ධිය උදාවනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බව වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයින රජයට සහ එරට සියලු සහෝදර ජනතාවට ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ හෘදයාංගම සුභාශිංසන පළ කරන බවද සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?