මාලදිවයින් තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් හසන් අමීර් ඊයේ (03) නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේ දී හමු වුණා.
ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; මෙම හමුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින දීර්ඝ කාලීන මිත්‍ර සබඳතා පිළිබඳ ව සිහිපත් කළ බවයි.
ඉන්දියානු සාගර කලාපීය ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව සම්බන්ධයෙන් වන සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළා.
ආරක්‍ෂක සබඳතා, ඒකාබද්ධ පුහුණු වැඩසටහන් සහ කලාපීය ආරක්‍ෂක අභියෝගවලට මුහුණදීම සඳහා සහයෝගීතා ප්‍රයත්නයන් ඇතුළුව ආරක්‍ෂක සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ ක්‍රම පිළිබඳ ව ඔවුහු සාකච්ඡා කළ බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
මෙහිදී, ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාව පිළිබඳ කර්නල් හසන් අමීර් සිය ප්‍රසාදය පළ කළ අතර, ශ්‍රී ලංකාව සමඟ ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට මාලදිවයිනේ කැපවීම යළිත් අවධාරණය කළා.
මෙම හමුව සටහන් කිරීම වෙනුවෙන් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වුණා.