මාලදිවයින් ආරක්‍ෂක උපදේශක නියෝජ්‍ය ආරක්‍ෂක ඇමති හමුවෙයි

මාලදිවයින් තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් හසන් අමීර් ඊයේ (03) නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේ දී හමු වුණා.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; මෙම හමුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින දීර්ඝ කාලීන මිත්‍ර සබඳතා පිළිබඳ ව සිහිපත් කළ බවයි.

ඉන්දියානු සාගර කලාපීය ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව සම්බන්ධයෙන් වන සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළා.

ආරක්‍ෂක සබඳතා, ඒකාබද්ධ පුහුණු වැඩසටහන් සහ කලාපීය ආරක්‍ෂක අභියෝගවලට මුහුණදීම සඳහා සහයෝගීතා ප්‍රයත්නයන් ඇතුළුව ආරක්‍ෂක සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ ක්‍රම පිළිබඳ ව ඔවුහු සාකච්ඡා කළ බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

මෙහිදී, ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාව පිළිබඳ කර්නල් හසන් අමීර් සිය ප්‍රසාදය පළ කළ අතර, ශ්‍රී ලංකාව සමඟ ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට මාලදිවයිනේ කැපවීම යළිත් අවධාරණය කළා.

මෙම හමුව සටහන් කිරීම වෙනුවෙන් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46