මාරිස්ටෙල්ලා 89 ආදී සිසුන්ගෙන් මීගමු රෝහලට අති නවීන ‘නිදහස් විවේක කලාපයක්’

මීගමුව රෝහලේ බාහිර රෝගී අංශයෙන් (OPD) දිනපතා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන සියදහස් ගණනින් යුත් රෝගී ජනතාවට මෙතෙක් කලක් මහත් අඩුපාඩුවක්ව පවතින ‘නිදහස් විවේක කලාපයක්’ නිර්මාණය කරදීමට, මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ 1989 ආදි ශිෂ්‍ය කණ්ඩායම වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඉතා නුදුරේදීම මීගමු රෝහලේ ස්ථාපිතවන “ගරු ක්ලින්ටන් සහෝදර විවේකී සෙවන” නමින් නම් කර ඇති මෙම නිදහස් විවේකී කලාපය නිර්මාණය කර ස්ථාපිත කිරීම වෙනුවෙන් වන සමාරම්භක උත්සවය පසුගිය 07 වන දින පස්වරුවේ මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේදී පැවැත් වුණා.

ඒ, අනුව මීගමුව රෝහලේ පහත මාලයේ දිගින් හා පළලින් අඩි 25ක් පමණවන එනම් වර්ග අඩි 625 ක පමණ වපසරියකින් සමන්විත වන මෙම කලාපය තුළ සුවපහසු ආසන 135ක් , විදුලි පංකා කිහිපයක්, පානය කිරීමට පිරිසිදු ජලය සකසන සහ එම පිරිසිදු ජලය ගබඩා කොට තැබෙන යන්ත්‍ර කිහිපයක්, පුළුල් තිර රූපවාහිනී යන්ත්‍ර 02ක් , එලෙසම බාහිර රෝගී අංශයේ වෛද්‍යවරුන් මුණගැසීමට ස්වයංක්‍රීයව අංකයන් ලබාදීමේ ක්‍රමවේදයක් සහ තමන්ට හිමි වී ඇති අංකය ප්‍රදර්ශනය කෙරෙන ඩිජිටල් අංක පුවරුවක්ද තවද විවේකීව සිට කියවීමට හරවත් කරුණු කාරණා අඩංගු පොත්පත් සඟරා ආදිය ඇති ස්ථානයක් මෙන්ම කුඩා දරුවනට මව්කිරි ලබාදීම සඳහා විශේෂිතව සකසන ලද වෙනම ම ස්ථානයක් ඇතුළු තවත් බොහෝ නවීන සහ තාක්ෂණික පහසුකම්වලින් මෙම කලාපය සමන්විත වනවා.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 07 කට අධික මුදලක් වැය වන බවට මේ වනවිට ඇස්තමේන්තු කර තිබෙනවා.

මාරිස්ටෙල්ලා විද්‍යාලීය 1989 ආදි ශිෂ්‍ය කණ්ඩායම මෙම ව්‍යාපෘතිය සඳහා එම විද්‍යාලයේ වර්ෂ1979 -1989 දශකය තුළ එම විද්‍යාලයේ විදුහල්පති ධුරය දැරූ ගරු ක්ලින්ටන් පෙරේරා සහෝදරතුමාගේ නමින් විශේෂිත අරමුදලක් ද පිහිටුවාතිබෙනවා.

මේ වන විට 85 වන වියේ පසුවන එතුමන් රෝගාතුරව කල් ගෙවන අතර, මෙහිදී මෙම සමාරම්භක නිල උත්සවයට පෙරාතුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ විශ්‍රාමික හිටපු විදුහල්පති ගරු ක්ලින්ටන් පෙරේරා සහෝදරතුමන්ට සුවය සහ ශාන්තිය පතමින් විශේෂ අසිරි දිව්‍ය මෙහෙයක් ද පැවැත් වුණා.

එම දිව්‍ය මෙහෙය පවත්වනු ලැබුවේ, සීදූව “සුපුවත් අරණ” දෙව්මැදුරේ, අධ්‍යක්ෂක සහ මාරිස්ටෙල්ලා විද්‍යාලීය ආදි ශිෂ්‍යයකුවන ගරු ඩැරල් කූඤ්ඤ පියතුමන් විසින්.

මෙම සමාරම්භක උත්සවය සඳහා මාරිස් නිකායේ දකුණු ආසියානු ප්‍රාදේශියාධිපති නික්ලස් ප්‍රනාන්දු, මාරිස් නිකායේ සහායක භාණ්ඩාගාරික චාමර හෙට්ටිආරච්චි සහ එම විද්‍යාලීය ප්‍රාථමික අංශයේ හිටපු විදුහල්පති සේල්ස් ප්‍රනාන්දු යන ගරු සහෝදරුතුමන්ලා ද ගරු ක්ලින්ටන් පෙරේරා සහෝදරතුමන්ගේ ඥාතීන් පිරිසක් ඇතුළුව තවත් ආරාධිත අමුත්තන් පිරිසක් ද සහභාගීව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54
Video thumbnail
ශානිටයි රවීටයි සුගීෂ්වරගෙන් සැර සත්තමක්..ප්‍රබන්ධනශූරි ශානි ලස්සන කතාවක් ගොතලා..
04:02
Video thumbnail
Praharaya | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:30:10
Video thumbnail
තිරප්පන ප්‍රා.සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්.."හුන්ඩුව ඇතුළේ සේරුවලින් හොරකම් කරනවා.."
15:12
Video thumbnail
ජනපතිට බැනලා හරියන්නේ නෑ..මෙයාලට අයිති පෙට්‍රල් ළිං නෑනේ..QR එක ඇත්තටම හොඳයි
02:28
Video thumbnail
කෝටි දෙකහමාරකට අධික ගංජා වගාවක් වටලයි..කොහොමද සරුවට හැදිලා තියෙන හැටි
01:22