මාර්තු මාසයේ උද්ධමනය පහළට

මාර්තු මාසයේදී මෙරට උද්ධමනය පහළ ගොස් තිබෙනවා.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් ව 2023 මාර්තු මස උද්ධමනය සටහන් වූයේ සියයට 50.3ක් ලෙසටයි.

පෙබරවාරි මාසයේදී උද්ධමනය සියයට 50.6ක් ලෙස පැවතුණා.

මාර්තු මාසයේදී මෙරට ආහාර උද්ධමනයද සියයට 47.6ක් දක්වා අඩුවී ඇති අතර පෙබරවාරි මාසයේදී එය දැක්වුණේ සියයට 54.4ක් ලෙසයි.

කෙසේ වෙතත් පෙබරවාරි මාසයේ සියයට 48.8ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මාර්තු මාසයේ සියයට 51.7ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, පෙරවාරි මාසයේ සියයට 24.3ක් වූ නිවාස, ජල, විදුලිය සහ ගෑස් මිල ගණන් මාර්තු මාසයේදී සියයට 42.3ක් දක්වා වැඩි වී තිබෙන බවයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ.

කෙසේ වෙතත් ප්‍රවාහන, හෝටල් සහ අවන්හල්වල මිල ගණන් පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේදී අඩු වී තිබෙනවා.

ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 පෙබරවාරි මාසයේ පැවති සියයට 54.4හි සිට 2023 මාර්තු මාසයේ දී සියයට 47.6 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 පෙබරවාරි මාසයේ පැවති සියයට 48.8හි සිට 2023 මාර්තු මාසයේ දී සියයට 51.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

2023 මාර්තු මාසයේ දී කො.පා.මි. දර්ශකයේ මාසික වෙනස, සියයට 2.92ක් ලෙසටයි වාර්තා වී ඇත්තේ.

මෙයට ප්‍රධාන වශයෙන් දායක වූයේ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි මාසික ඉහළ යෑම වන අතර, එම දායකත්වය සියයට 3.71ක් වුණා.

කෙසේ වුවද, 2023 මාර්තු මාසයේ දී ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන් මාසිකව සියයට 0.79කින් පහළ ගොස් තිබෙනවා.

ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2023 පෙබරවාරි මාසයේ පැවති සියයට 43.6හි සිට 2023 මාර්තු මාසයේ දී සියයට 39.1 දක්වා පහළ ගියා.

දැනට පවතින තොරතුරු අනුව, අපේක්ෂිත උද්ධමනය අඩුවීමේ ප්‍රවණතාව 2023 වසර පුරා අඛණ්ඩව පවතිනු ඇති බවයි මහා බැංකුව සඳහන් කළේ.

මෙලෙස උද්ධමනය පහළ යෑම සඳහා දැඩි මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතුවෙන් යටපත් වූ ඉල්ලුම් තත්ත්වයන්, මෑතකාලීන විනිමය අනුපාතිකය අතිප්‍රමාණය වීම මධ්‍යයේ ආහාර සහ බලශක්ති මිල ගණන් පහළ යෑම හා පහළ යන ගෝලීය වෙළඳ භාණ්ඩ මිල ගණන් දේශීය මිල ගණන් වෙත වඩාත් හොඳින් සම්ප්‍රේෂණය වීම, මෑත කාලීන ඉන්ධන මිල සංශෝධනවල වක්‍ර බලපෑම් සහ දේශීය සැපයුම් තත්ත්වයන්හි අපේක්ෂිත වැඩිදියුණු වීම්, මෙන්ම හිතකර සංඛ්‍යානමය පදනම් බලපෑම සහාය වනු ඇතැයි මහ බැංකුව ප්‍රකාශ කළා.

Inflation1 scaled
Inflation2 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54