මාරවිල පොලිසිය ඇතුලේ යකා නටපු නව රාජ්‍ය ඇමති

මේ වෙනකොට මේ ආණ්ඩුවට දැඩි ජනතා විරෝධයක් ඇති වෙමින් තිබෙනවා.ජනතා විරෝධය ද නොතකමින් පසුගියදා ජනාධිපති විසින් නව ඇමති මණ්ඩලයක් පත් කළා.

අශෝක ප්‍රියන්ත කියන්නේ ඒ ඇමති මණ්ඩලයේ පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයෙක්.

ඔහු මේ වන විට වනවිට වෙළෙඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබනවා.

අද දින ඔහු මාරවිල පොලීසිය වෙත යන්නේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහායි.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමට ගිය රාජ්‍ය අමාත්‍යවරයා සහ එම ස්ථානයට පැමිණි අනිත් පාර්ශවය සමග රාජ්‍ය අමාත්‍යවරයා පොලිසිය තුළ දීම ගැටුමක් ඇති කරගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් දසත ලංකා නිව්ස් අපි මාරවිල පොලිසියෙන් විමසීමක් කළා..එහිදී පොලිසිය පැවසුවේ අදාල රාජ්‍ය ඇමතිවරයා පැමිණිල්ලක් දැමීමට පොලිසියට පැමිණි අවස්ථාවේදී විරුද්ධවාදීන් පිරිසක් සමග මත ගැටුමක් ඇති වූ බවයි පසුව පොලිසිය මැදිහත් වී එය සමතයකට පත් කළ බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවා..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?