මාරවිලදී වෙඩි තබා මාලිව ඝාතනය කළේ මත්ද්‍රව්‍ය ආරවුලක් නිසාද..?

මාරවිල මරද ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ගමන් කළ දෙදරු මවකට ඊයේ වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබුණා.

ඇය එම ස්ථානයේදීම මරණයට පත්වුණු අතර බරපතල තුවාල ලැබු ඇගේ වැඩිමහල් දරුවා මාරවිල මහ රෝහලට ඇතුලත් කර තිබුණා.

මෙලෙස ඝාතනයට ලක්ව තිබෙන්නේ මාරවිල මරද ප්‍රදේශයේ පදිංචි එදිරිසිංහ ආරච්චිගේ වසන්ති චතුරානි නෙහොත් සදමාලි නැමති 30 හැවිරිදි දෙදරු මවක්.

ඝාතනයට ලක්වු කාන්තාව කුලි ත්‍රි රෝද රථයක කිසියම් කටයුත්තකට ගොස් ආපසු නිවස කරා තම දස හැවිරිදි පුත්‍රයා සමග එමින් සිටියදි යතුරු පැදියකින් පැමිනි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු එල්ල කල වෙඩි තැබිමකින් බරපතල තුවාල ලබා ත්‍රි රෝද රථය තුලදිම මරණයට පත්ව තිබෙනවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මරද ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෙරෝයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කුඩු මාලි නැමති කාන්තාවගේ වැඩිමල් දියණීය බව කියයි.

මෙම කුඩු මාලි නැමති කාන්තාව මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණයෙ වරදකරු වු කාන්තාවක් බවත් ඇය බන්ධනාගාර ගතව සිට ඇති බවත් වාර්තා වනවා.

මාලිගේ දියණියන් තිදෙනාම මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ නිරතව වන බවද කියයි.

ඝාතනයට ලක්වු කාන්තාවද මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව මැතක නිදහස් වි පැමින ඇති බවත් මව හා දියණියන් තිදෙනා මරද ඇතුළු ප්‍රදේශ රැසකට මත්ද්‍රව්‍ය බෙදා හැරීම සිදුකරන බවත් ඒ හේතුවෙන් තරුණ ජීවිත රැසක් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි විම් හේතුවෙන් ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්වු පවුලක් බවද සඳහන් වනවා.

මෙම වෙඩි තැබිමට පිස්තෝල වර්ගයෙ ගිනි අවියක් භාවිතා කර ඇති බවත් යතුරු පැදියකින් පැමිනි නාදුනන තුවක්කුකරුවන් වෙඩි තැබිම සිදුකර යතුරු පැදියෙන්ම පලා ගොස් ඇති බව පරික්ෂණ මෙහෙය වන මාරවිල පොලිසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
37
+1
3
+1
2
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15