මාරවිල මරද ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ගමන් කළ දෙදරු මවකට ඊයේ වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබුණා.
ඇය එම ස්ථානයේදීම මරණයට පත්වුණු අතර බරපතල තුවාල ලැබු ඇගේ වැඩිමහල් දරුවා මාරවිල මහ රෝහලට ඇතුලත් කර තිබුණා.
මෙලෙස ඝාතනයට ලක්ව තිබෙන්නේ මාරවිල මරද ප්‍රදේශයේ පදිංචි එදිරිසිංහ ආරච්චිගේ වසන්ති චතුරානි නෙහොත් සදමාලි නැමති 30 හැවිරිදි දෙදරු මවක්.
ඝාතනයට ලක්වු කාන්තාව කුලි ත්‍රි රෝද රථයක කිසියම් කටයුත්තකට ගොස් ආපසු නිවස කරා තම දස හැවිරිදි පුත්‍රයා සමග එමින් සිටියදි යතුරු පැදියකින් පැමිනි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු එල්ල කල වෙඩි තැබිමකින් බරපතල තුවාල ලබා ත්‍රි රෝද රථය තුලදිම මරණයට පත්ව තිබෙනවා.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මරද ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෙරෝයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කුඩු මාලි නැමති කාන්තාවගේ වැඩිමල් දියණීය බව කියයි.
මෙම කුඩු මාලි නැමති කාන්තාව මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණයෙ වරදකරු වු කාන්තාවක් බවත් ඇය බන්ධනාගාර ගතව සිට ඇති බවත් වාර්තා වනවා.
මාලිගේ දියණියන් තිදෙනාම මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ නිරතව වන බවද කියයි.
ඝාතනයට ලක්වු කාන්තාවද මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව මැතක නිදහස් වි පැමින ඇති බවත් මව හා දියණියන් තිදෙනා මරද ඇතුළු ප්‍රදේශ රැසකට මත්ද්‍රව්‍ය බෙදා හැරීම සිදුකරන බවත් ඒ හේතුවෙන් තරුණ ජීවිත රැසක් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි විම් හේතුවෙන් ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්වු පවුලක් බවද සඳහන් වනවා.
මෙම වෙඩි තැබිමට පිස්තෝල වර්ගයෙ ගිනි අවියක් භාවිතා කර ඇති බවත් යතුරු පැදියකින් පැමිනි නාදුනන තුවක්කුකරුවන් වෙඩි තැබිම සිදුකර යතුරු පැදියෙන්ම පලා ගොස් ඇති බව පරික්ෂණ මෙහෙය වන මාරවිල පොලිසිය පවසනවා.















