මාරක බස් අනතුර සිදුවූ රදැල්ල කෙටි මාර්ගය අවට පදිංචිකරුවන්ගෙන් ඉල්ලීමක්

නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ දිනපතා ධාවනය වන ලංගම සහ පෞද්ගලික බස් රථ පමණක් යළිත් ධාවනයට එක් කරන ලෙස රදැල්ල කෙටි මාර්ගය අවට පදිංචි වතු කම්කරුවන් ඉල්ලීමක් කරනවා.

රදැල්ල කෙටි මාර්ගයේදි පසුගියදා ජිවිත හතක් අහිමි කරමින් සිදු වූ රිය අනතුරින් පසු බර වාහන කිරිමැටිය වටරවුම් මාර්ගයේ ධාවනය කිරීමටයි නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා සහ නුවරඑලිය දිස්ත්‍රික් මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරුවරයා පියවර ගෙන ඇත්තේ.

රදැල්ල කෙටි මාර්ගයෙන් දිනකට ලංගම සහ පෞද්ගලික බස් රථ 40ක් පමණ ගමන් කරන අතර, එම සියළු බස් රථ හැටන් සිට නුවරඑළිය දක්වාත්, නුවරඑළිය සිට හැටන් දක්වාත් ධාවනය වනවා.

ඊට අමතරව හැටන් සිට රදැල්ල කෙටි මාර්ගය හරහා කතරගම, මඩකලපුව යන දුර සේවා බස් රථද ධාවනය කරන අතර, මාර්ගය තාවකාලිකව බර වාහන සඳහා වසා දැමීම මත එම සියළුම බස් රථ රදැල්ල කිරිමැටිය වටරවුම් මාර්ගයෙනුයි ධාවනය වන්නේ.

වටරවුම් මාර්ගය රදැල්ල කෙටි මාර්ගයට වඩා කිලෝමිටර් හතක දුර ප්‍රමාණයකින් සහ අධික වංගු සහිත මාර්ගයක්.

එබැවින් එම මාර්ගයේ මගී ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමේදි දැනට අය කරන මුදලට වඩා වැඩි මුදලක් අය කිරිමට සිදු වන අතර, ඒ සඳහා තමන්ට මෙතෙක් අවසර නොලැබිම හමුවේ දැනට එම මාර්ගයේ බස් රථ ධාවනය කරනු ලබන්නේ පාඩු ලබමින් බවයි පොදු ප්‍රවාහන සේවා බස් රථ හිමියන් කියා සිටියේ.

රදැල්ල කෙටි මාර්ගයේ කාර්බර්ග් වත්තේ කොටස් කිහිපයක වතු කම්කරුවන් විශාල පිරිසක් පදිංචිව සිටින අතර, එම මාර්ගය කිලෝමීටර් තුනකින් සමන්විතයි.

හැටන් සිට නානුඔය රදැල්ල කෙටි මාර්ගය අධික කන්දක් ද සහිත වන අතර නුවරඑළිය සිට හැටන් දෙසට පැමිණීමේදී අධික බෑවුමක් පැවතීම නිසාත් එම මාර්ගයේ නිරන්තරයෙන් රිය අනතුරු සිදු වනවා.

මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට සැලිකිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියෙන් දැන්විම් පුවරු සවි කර උපදෙස් ලබා දි තිබුණද, පිටස්තර ප්‍රදේශවලින් පැමිණෙන වාහන එම දැන්විම් පුවරු පිළිබඳ අවධානය යොමු නොකර වාහන ධාවනය කරන නිසා මෙම අනතුරු සිදු වන බවයි රදැල්ල කෙටි මාර්ගයේ පදිංචිකරුවන් කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?