මාරක බස් අනතුර සිදුවූ රදැල්ල කෙටි මාර්ගය අවට පදිංචිකරුවන්ගෙන් ඉල්ලීමක්

නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ දිනපතා ධාවනය වන ලංගම සහ පෞද්ගලික බස් රථ පමණක් යළිත් ධාවනයට එක් කරන ලෙස රදැල්ල කෙටි මාර්ගය අවට පදිංචි වතු කම්කරුවන් ඉල්ලීමක් කරනවා.

රදැල්ල කෙටි මාර්ගයේදි පසුගියදා ජිවිත හතක් අහිමි කරමින් සිදු වූ රිය අනතුරින් පසු බර වාහන කිරිමැටිය වටරවුම් මාර්ගයේ ධාවනය කිරීමටයි නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා සහ නුවරඑලිය දිස්ත්‍රික් මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරුවරයා පියවර ගෙන ඇත්තේ.

රදැල්ල කෙටි මාර්ගයෙන් දිනකට ලංගම සහ පෞද්ගලික බස් රථ 40ක් පමණ ගමන් කරන අතර, එම සියළු බස් රථ හැටන් සිට නුවරඑළිය දක්වාත්, නුවරඑළිය සිට හැටන් දක්වාත් ධාවනය වනවා.

ඊට අමතරව හැටන් සිට රදැල්ල කෙටි මාර්ගය හරහා කතරගම, මඩකලපුව යන දුර සේවා බස් රථද ධාවනය කරන අතර, මාර්ගය තාවකාලිකව බර වාහන සඳහා වසා දැමීම මත එම සියළුම බස් රථ රදැල්ල කිරිමැටිය වටරවුම් මාර්ගයෙනුයි ධාවනය වන්නේ.

වටරවුම් මාර්ගය රදැල්ල කෙටි මාර්ගයට වඩා කිලෝමිටර් හතක දුර ප්‍රමාණයකින් සහ අධික වංගු සහිත මාර්ගයක්.

එබැවින් එම මාර්ගයේ මගී ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමේදි දැනට අය කරන මුදලට වඩා වැඩි මුදලක් අය කිරිමට සිදු වන අතර, ඒ සඳහා තමන්ට මෙතෙක් අවසර නොලැබිම හමුවේ දැනට එම මාර්ගයේ බස් රථ ධාවනය කරනු ලබන්නේ පාඩු ලබමින් බවයි පොදු ප්‍රවාහන සේවා බස් රථ හිමියන් කියා සිටියේ.

රදැල්ල කෙටි මාර්ගයේ කාර්බර්ග් වත්තේ කොටස් කිහිපයක වතු කම්කරුවන් විශාල පිරිසක් පදිංචිව සිටින අතර, එම මාර්ගය කිලෝමීටර් තුනකින් සමන්විතයි.

හැටන් සිට නානුඔය රදැල්ල කෙටි මාර්ගය අධික කන්දක් ද සහිත වන අතර නුවරඑළිය සිට හැටන් දෙසට පැමිණීමේදී අධික බෑවුමක් පැවතීම නිසාත් එම මාර්ගයේ නිරන්තරයෙන් රිය අනතුරු සිදු වනවා.

මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට සැලිකිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියෙන් දැන්විම් පුවරු සවි කර උපදෙස් ලබා දි තිබුණද, පිටස්තර ප්‍රදේශවලින් පැමිණෙන වාහන එම දැන්විම් පුවරු පිළිබඳ අවධානය යොමු නොකර වාහන ධාවනය කරන නිසා මෙම අනතුරු සිදු වන බවයි රදැල්ල කෙටි මාර්ගයේ පදිංචිකරුවන් කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34