AFC Banner
AFC Banner
Empty Ad

මාමණ්ඩියගේ ප්‍රහාරයට ලක්වූ බෑනා ජීවිතක්ෂයට

හබරණ, සේනාධිරියාගම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඊයේ (08) රාත්‍රියේ ඝාතනය කර තිබෙනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයා සිය බිරිඳ සමඟ බිරිඳගේ නිවසට පැමිණ සිටි මොහොතක බිරිඳගේ පියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

දෙදෙනා අතට ඇති වූ ආරවුලක් දුරදි යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

තම පියා විසින් තම සැමියාට තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමෙන් පසු දියණිය සිය පියාට උදැල්ලකින් පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

තියුණු ආයුධයින් පහර කෑමට ලක්වූ 38 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දියණියගේ උදලු ප්‍රහාරයට ලක් වූ ඝාතනය සිදුකළ සැකකාර පියා ප්‍රතිකාර සඳහා හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?