මානව හිමිකම් කොමිසමෙන් රජයට දැනුම් දීමක්

මහජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයන් සපුරා ගැනීමේදී මුහුණදීමට සිදුව තිබෙන ගැටලු විසදා ගැනීමට අනවශ්‍ය සහන ලබාදීමට රජයේ ක්ෂණික අවධානය යොමුවිය යුතු බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දැනුම්දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේ රට වැසියන් කුසගින්නෙන් තොරව සිටීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම රජයේ වගකීමක් බවයි.

ගෑස් ඉන්ධන සහ පාරිභෝගික භාණ්ඩවලට සාධාරණ මිලක් නියම කිරීම සහ හිඟයකින් තොරව එම භාණ්ඩ ජනතාවට ලබාදීම තුලින් උද්ඝෝෂණ පැතිර යාම වළක්වා ගත හැකි බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?