මානව හිමිකම් කොමිසමට විධාන නිකුත් කිරීමට බලයක් නෑ- නීතිපති කියයි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට විධාන නිකුත් කිරීමට බලයක් නොමැති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

උසස් පෙළ විභාගය පැවැත්වෙන සමයේ විදුලි බලය කප්පාදු නොකරන ලෙස නිකුත් කළ විධානයක් ක්‍රියාත්මක නොකිරීම තුළින් අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කොට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් විදුලිබල මණ්ඩලය ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කළ පැමිණිල්ලක් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී යි නීතිපතිවරයා සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මේ බව කියාසිටියේ.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කරන්නේ මානව හිමිකම් කොමිසමට බලය තිබෙන්නේ නිර්දේශ නිකුත් කිරීමට පමණක් බවයි.

විධාන නිකුත් කිරීමට එම කොමිසමට බලයක් නොමැති බව පෙන්වා දෙන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එම කොමිසම විසින් නිකුත් කරනු ලබන නිර්දේශ කළ කඩ කළ අවස්ථාවක ඒ පිළිබඳව ජනාධිපතිවරයා වෙත කරුණු වාර්තා කිරීමට පමණක් එම කොමිසමට මානව හිමිකම් කොමිෂන් සභා පනතින් බලය පැවරී තිබෙන බවත් පෙන්වා දුන්නා.

පෙත්සම් විභාගය මේ වන විටත් පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?