spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මානව හිමිකම් කොමිසමට විධාන නිකුත් කිරීමට බලයක් නෑ- නීතිපති කියයි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට විධාන නිකුත් කිරීමට බලයක් නොමැති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

උසස් පෙළ විභාගය පැවැත්වෙන සමයේ විදුලි බලය කප්පාදු නොකරන ලෙස නිකුත් කළ විධානයක් ක්‍රියාත්මක නොකිරීම තුළින් අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කොට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් විදුලිබල මණ්ඩලය ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කළ පැමිණිල්ලක් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී යි නීතිපතිවරයා සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මේ බව කියාසිටියේ.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කරන්නේ මානව හිමිකම් කොමිසමට බලය තිබෙන්නේ නිර්දේශ නිකුත් කිරීමට පමණක් බවයි.

විධාන නිකුත් කිරීමට එම කොමිසමට බලයක් නොමැති බව පෙන්වා දෙන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එම කොමිසම විසින් නිකුත් කරනු ලබන නිර්දේශ කළ කඩ කළ අවස්ථාවක ඒ පිළිබඳව ජනාධිපතිවරයා වෙත කරුණු වාර්තා කිරීමට පමණක් එම කොමිසමට මානව හිමිකම් කොමිෂන් සභා පනතින් බලය පැවරී තිබෙන බවත් පෙන්වා දුන්නා.

පෙත්සම් විභාගය මේ වන විටත් පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?