මානව ඉතිහාසයේ සුවිශේෂී සඳ ගවේෂණ මෙහෙයුම සාර්ථකව අවසන් කරමින් ‘Artemis II’ යානය කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයට ආරක්ෂිතව ගොඩ බැස්සවනු ලැබුවා.
දින දහයක කාලයක් සිදුකළ මෙම සාර්ථක සඳ ගවේෂණ මෙහෙයුමෙන් පසුව යානය ගොඩ බැස්සවනු ලැබුවේ මෙරට වේලාවෙන් අද (11) අලුයම් කාලයේයි.
පසුගිය අප්‍රේල් 06 වනදා සඳ බලා ගමන් ආරම්භ කරනු ලැබූ යානය මෙම මෙහෙයුම යටතේ කිලෝමීටර 406,771ක චන්ද්‍ර පියාසැරියක් සම්පූර්ණ කිරීමට සමත් වුණා.
මෙය මානව ඉතිහාසයට එක් වුණේ මිනිස් ජීවියෙක් පෘථිවි වායුගෝලයෙන් පිටතට ගමන් කළ වැඩිම දුර ලෙසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
2
+1
+1
+1













