මාදිවෙල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස සංකීර්ණයේ ආරක්ෂාව තර කරයි

මාදිවෙල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස සංකීර්ණයේ ආරක්ෂාවද වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කර ඇති බව වාර්තා වෙයි.පාර්ලිමේන්තු මන්ත්‍රි වරුන්ගේ නිල නිවාස සංකීර්ණයේ ආරක්ෂාවට පොලිසියට අමතරව යුද හමුදාවද යොදවනු ලැබ ඇත.

රටේ පවතින වත්මන තත්වය සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙයට අමතරව එම නිවාස සංකීර්ණය අවට ප්‍රදේශයේ බුද්ධි අංශ කණ්ඩායම්ද සීරුවෙන් තබා ඇතැයි වාර්තා වේ.

මේ අතර පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ ආරක්ෂක අංශ, බුද්ධි අංශ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද(4) පැවැත්වීමට නියමිතය.පාර්ලිමේන්තුව හෙට (4) සිට ලබන 8 වැනිදා සිකුරාදා දක්වා පැවැත්වෙන අතර පාර්ලිමේන්තුව රැස්වන එම කාලසීමාවේදී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද රජයේ අවධානය යොමුවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?