AFC Banner
AFC Banner
Empty Ad

මාදැලට මාළු වෙනුවට හසු වුණු තඩි කිඹුලා

කළුතර දකුණ මුහුදු තීරයේ ධීවරයින් පිරිසකගේ විශාල මාදැලකට ගැට කිඹුලෙකු හසු වී තිබෙනවා.

අද (26) පස්වරුවේ මත්ස්‍යයින් අල්ලා ගොඩබිමට මාදැල ඇදීමේ දී අඩි 10ක් පමණ දිගැති මෙම කිඹුලා හසු වී ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

කළුතර දකුණ දුම්රිය ස්ථානය ඉදිරිපිට මුහුදු වෙරළ තීරයට මාදැල ගොඩගසා තිබූ අතර, එහි පැටලී සිටි කිඹුලාව කඹ ආධාරයෙන් නිරුපද්‍රිතව ගොඩට ගැනීමට ධීවරයින් කටයුතු කළා.

සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව වනජීවී කාර්යාලය දැනුවත් කිරීමට පියවර ගැනුණු බවත් කිඹුලා රැගෙන යාමට ඔවුන් පැමිණීමට නියමිත බවත් පොලිසිය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
6
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?