පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ගුවන්තොටේ නිරීක්ෂණ චාරිකාවක

සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමට (AASL) අදාළව 2022 සහ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනයට අදාළව, පසුගියදා (02) පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය පසුවිපරමට ලක් කරනු ලැබුවා.

ඒ අනුව, ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කිරිමට කෝප් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර
මහතාගේ මුලිකත්වයෙන් ඊයේ (09) කෝප් කාරක සභාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ස්ථානීය පරීක්ෂණයක නිරත වුණා.

මෙහිදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියට අදාළව දුරස්ථව පිහිටි ගුවන් යානා හැසිරවීමේ කොටස හා ටැක්සි මාර්ගය (Remote Apron and Taxiways) ඉදිකිරීමේ කටයුතු මගින් ගුවන් තොටුපොළ සතුව පවතින ගුවන්යානා නැවතුම් සංඛ්‍යාව වැඩි කිරීමට අපේක්ෂා කර තිබූ බවයි පැවසෙන්නේ.

එහෙත් සැලසුම් හා උපදේශන සේවා ලබාගැනීම සඳහා ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම විසින් සේවා ලබා ගත් ජපන් හවුල් සමාගමත්, සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමත්, විසින් කිසිඳු තාක්ෂණික හෝ මෙහෙයුම් විග්‍රහයකින් තොරව මෙම කටයුතු සිදුකර තිබෙන බැවින්, අපේක්ෂිත අරමුණු ප්‍රායෝගිකව
සාක්ෂාත් කරගැනීම අභියෝගයක්ව තිබෙන බවට මෙහිදී නිරීක්ෂණය වුණා.

මෙම ව්‍යාපෘතිය සැලසුම්කරණ අවධියේ දී ම දුර්වලතා සහ ප්‍රායෝගික ගැටලු රැසකින් යුක්ත වූව ද, එය එසේ තිබියදීම මෙහි වැඩකටයුතු අවසන් කිරීමට කටයුතු යොදා තිබු බවට කාරක සභාවට නිරීක්ෂණය වුණා.

මතුව තිබෙන තත්ත්වය තුළ, මෙම ව්‍යාපෘතිය ඔස්සෙ අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම මේ වන විටත් යෝජනා කොට ඇති විසදුම් නිරීක්ෂණය කිරීම ද මෙහිදී සිදු වුණා.

මෙහිදි කෝප් කාරක සභා සාමජිකයන් උක්ත ජපන් හවුල් සමාගමේ මෙරට නියෝජිතයන් සහ අදාළ ආයතනයන්හි ඉහළ නිලධාරීන් සමග මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු විමසීමක නිරත වූ අතර මෙම නොසැලකිලිමත් ක්‍රියාකලාපය හේතුවෙන් රජයට සිදුව ඇති පාඩුව සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කළ කාරක සභා සමාජිකයින්, ඉදිරි සංවර්ධන කටයුතු සැලසුම් කිරිමේදී දැනට මතුව ඇති ගැටලු පිළිබඳව අවධානය යොමු නොකිරීමෙන් මහජන මුදල් තවදුරටත් අවභාවිතා විය හැකි බවත් එබැවින් ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමටත් නිලධාරීන්ට නිර්දේශ කරනු ලැබුවා.

මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම නුදුරු දිනක නැවතත් කෝප් කාරක සභාවට කැදවීමට තීරණය කෙරුණා.

මෙම ස්ථානීය පරීක්ෂාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.කේ.එම්. අස්ලම්, සමන්මලී ගුණසිංහ, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, රුවන් මාපලගම, සුනිල් රාජපක්ෂ, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු, අදාළ ආයතන නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් සහ පාර්ලිමේන්තු නිලධාරීන් සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18