මාතලේ යුවළක් මත් ජාවාරමෙන් උපයාගත් කෝටි 03ක දේපළ ක්‍රියා විරහිත කරයි

මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මාතලේ, කිරිමැටියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක සැකකරුවෙකු හා වයස අවුරුදු 46ක සැකකාරියක් හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 567ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණා.

මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් සිදු කරන ලද දීර්ඝ විමර්ශනයේදී මොවුන් පදිංචිව සිටින මාතලේ, කිරිමැටියාව ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි 03 කට අධික වටිනාකමකින් යුත් නිවසක් නීති විරෝධී ආකාරයෙන් උපයාගන්නා ලද මුදල් යොදවාගෙන ඉදිකර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඒ, අනුව එම නිවස සම්බන්ධයෙන් 2025.11.20 වන දින මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව දේපල ක්‍රියාවිරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?