මාතර පොලිස් වසමේ පරවි දූපතට යන පාලම යට මුහුදේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
මාතර පොලිසියට ලද පණිවිඩයක් මත ඊයේ (11) රාත්‍රී කාලයේ මෙම මළ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙලෙස සොයාගෙන ඇත්තේ වයස අවුරුදු 40 ත් 45 ත් අතර පමණ වන කාන්තාවකගේ මළ සිරුරක් වන අතර ඇයගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.
ඇය උස අඩි 05 ක් පමණ උස තැනැත්තියක් වන අතර, කළු කහ වර්ණයෙන් යුත් බ්ලව්සයක් හා කළු වර්ණයෙන් යුත් කොට සායක් හැද සිටි බවයි පොලිසිය සඳහන් කළේ.
මාතර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
13
+1
+1
6
+1
19
+1
1
+1
1





