AFC Banner
Empty Ad
Empty Ad

මහ වැසි හේතුවෙන් ඊසානදිග ඉතාලියේ නාය යෑම් 305ක් (ඡායාරූප)

දින ගණනාවක සිට ඇද හැළුණු මහා වර්ෂාව හේතුවෙන් බලපෑ ගංවතුරත් සමග ඊසානදිග ඉතාලියේ එමීලියා රෝමග්නා කලාපයේ නාය යෑම් 305ක් වාර්තා වී තිබෙනවා.

මේ හේතුවෙන් මාර්ග 500 කට වැඩි සංඛ්‍යාවක් විනාශ වී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

36.000 ක පමණ පිරිසකට උන් හිටි තැන් අහිමිව ගොස් ඇති අතර, ගංවතුරට බිළි වූ මිනිස් ජීවිත ගණන 14ක්.

බිඳ වැටුණු විදුලි පද්ධතිය පිළිසකර කිරීම සඳහා යොදවා තිබූ හෙලිකොප්ටර් යානයක් ද වර්ෂාව හේතුවෙන් අනතුරකට ලක්ව තිබෙනවා.

ගංවතුරින් යටව තිබූ පුස්තකාලයක ගබඩාකර තිබූ දුර්ලභගනයේ පොත් දස දහසකට අධික සංඛ්‍යාවක් විනාශ වී ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර ඇතැම් ප්‍රදේශවලට බලපෑ තිබූ ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් අසුවෙමින් පවතින බව ද තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
6
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?