AFC Banner
Empty Ad
Empty Ad

මහ රෑ කොළඹ සම්භාහන මධ්‍යස්ථාන දෙකකට සිදුවූ දේ

සම්භාහන මධ්‍යස්ථාන දෙකකට යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එම මධ්‍යස්ථාන දෙක මංකොල්ලකා ඇති බව පොලිසිය පවසනවා. කොල්ලුපිටිය සහ තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි සම්භාහන මධ්‍යස්ථාන දෙකක් මෙලෙස මංකොල්ල කෑමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ රාත්‍රියේදී කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි සම්භාහන මධ්‍යස්ථානයකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එහි සේවිකාවන්ට ආයුධ පෙන්වා ඔවුන් සතුව තිබී රන් මාල දෙකක් මංකොල්ල කා පළා ගොස් ඇති බව සඳහන්.

මේ අතර ඊයේ රාත්‍රී 11.00ට පමණ තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි සම්භාහන මධ්‍යස්ථානයකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු රන් වළල්ක් සහ රුපියල් 35,000ක මුදලක් මංකොල්ලකා පළා ගොස් ඇත.

මෙම සිදුවීම් දෙකම සිදුකර ඇත්තේ යතුරුපැදි වලින් පැමිණි පුද්ගලයින් වන අතර සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?