මහ මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම හෙට – තැපැල් ඡන්ද ගැනත් දැනුම්දීමක්

එළඹෙන මහ මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම හෙට (04) දිනයේ සිට ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර්.එම්. ඒ. එල්. රත්නායක මහතා පැවසුවේ හෙට දිනයේ දී නාමයෝජනා දිස්ත්‍රික්ක 22ක් යටතේ භාර ගැනීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

එම කටයුතු ඒ ඒ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල යටතේ අදාළ තේරීම් භාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙනවා.

මෙම නාම යෝජනා භාර ගැනීම ඔක්තෝබර් මස 11 වැනි දින මධ්‍යාහ්න 12න් අවසන් වීමට නියමිතයි.

එමෙන්ම අපේක්ෂකයින්ට ඇප මුදල් තැන්පත් කිරීමේ අවසන් දිනය ද ඔක්තෝබර් 11 වැනි දින දහවල් 12ට අවසන් වන බැවින්; කල් වේලා ඇති ව තවමත් ඇප මුදල් තැන්පත් නොකෙරුණු අපේක්ෂකයින් ඒ සඳහා හැකි ඉක්මනින් අවශ්‍ය කටයුතු සිදු කර සිදුවන අපහසුවතාවන් මගහැර ගැනීමට කටයුතු කරන ලෙසට ද මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටිනවා.

මේ අතර මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සඳහා අයදුම්පත්‍ර ඔක්තෝබර් මස 08 වැනිදා මධ්‍යම රාත්‍රී 12ට පෙර ආයතන ප්‍රධානීන් හරහා දිස්ත්‍රික් ලේකම් කාර් යාලය වෙත ලැබීමට සලස්වන ලෙසට ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මාධ්‍ය හමුවක් කැඳවමින් ඉල්ලා සිටියා.

එමෙන්ම නොවැම්බර් මස 14 වැනි දින පැවැත්වීමට නියමිත මෙම පාර්ලිමේන්තු මහ මැතිවරණයට අවශ්‍ය ආරක්ෂාව ලබා ගැනීම සඳහා ද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සමග ද සාකච්ඡා කර අවසන් බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48
Video thumbnail
මහින්ද අමරවීරගෙන් CIDයට පැමිණිල්ලක්
02:06
Video thumbnail
බුදු පිළිම සිද්ධිය ගැන ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මේ ආණ්ඩුව කිසි කෙලෙහිගුණයක් නැති ආණ්ඩුවක්
08:58
Video thumbnail
අපි මැතිවරණයට සූදානම් වෙනවා - ආණ්ඩුවට බාධා කරන්නේ නෑ
05:01
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55


?