මහ මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම හෙට – තැපැල් ඡන්ද ගැනත් දැනුම්දීමක්

එළඹෙන මහ මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම හෙට (04) දිනයේ සිට ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර්.එම්. ඒ. එල්. රත්නායක මහතා පැවසුවේ හෙට දිනයේ දී නාමයෝජනා දිස්ත්‍රික්ක 22ක් යටතේ භාර ගැනීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

එම කටයුතු ඒ ඒ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල යටතේ අදාළ තේරීම් භාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙනවා.

මෙම නාම යෝජනා භාර ගැනීම ඔක්තෝබර් මස 11 වැනි දින මධ්‍යාහ්න 12න් අවසන් වීමට නියමිතයි.

එමෙන්ම අපේක්ෂකයින්ට ඇප මුදල් තැන්පත් කිරීමේ අවසන් දිනය ද ඔක්තෝබර් 11 වැනි දින දහවල් 12ට අවසන් වන බැවින්; කල් වේලා ඇති ව තවමත් ඇප මුදල් තැන්පත් නොකෙරුණු අපේක්ෂකයින් ඒ සඳහා හැකි ඉක්මනින් අවශ්‍ය කටයුතු සිදු කර සිදුවන අපහසුවතාවන් මගහැර ගැනීමට කටයුතු කරන ලෙසට ද මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටිනවා.

මේ අතර මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සඳහා අයදුම්පත්‍ර ඔක්තෝබර් මස 08 වැනිදා මධ්‍යම රාත්‍රී 12ට පෙර ආයතන ප්‍රධානීන් හරහා දිස්ත්‍රික් ලේකම් කාර් යාලය වෙත ලැබීමට සලස්වන ලෙසට ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මාධ්‍ය හමුවක් කැඳවමින් ඉල්ලා සිටියා.

එමෙන්ම නොවැම්බර් මස 14 වැනි දින පැවැත්වීමට නියමිත මෙම පාර්ලිමේන්තු මහ මැතිවරණයට අවශ්‍ය ආරක්ෂාව ලබා ගැනීම සඳහා ද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සමග ද සාකච්ඡා කර අවසන් බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39