මහ මැතිවරණයේ තැපැල් ඡන්ද දැන්වීම් පත්‍රිකා නිකුත් කිරීම 26 වනදා

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද නිකුත් කිරීම මේ මස 23 වනදා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.

එමෙන් නිල තැපැල් ඡන්ද දැන්වීම් පත්‍රිකා නිකුත් කිරීම ලබන 26 වනදා සිදුකරන බවයි සභාපතිවරයා පැවසුවේ.

මේ අතර තැපැල් ඡන්ද දායකයින් සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ඔක්තෝම්බර් මස 30 වනදා ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඒ, අනුව සියලුම මැතිවරණ කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ශ්‍රී ලංකා පොලිසියට ඔක්තෝම්බර් මස 30 සහ නොවැම්බර් මස 04 වනදා අවස්ථාව ලබා දී තිබෙනවා.

ඊට අමතරව අනෙකුත් සියලුම ආයතන සහ යුද හමුදා කඳවුරුවලට නොවැම්බර් මස පළමු වනදා සහ 04 වනදා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වෙන්කර ඇති බවයි සභාපතිවරයා පැවසුවේ.

එම දිනවල දී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවන අය සඳහා නොවැම්බර් 07 සහ 08 යන දිනයන් වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?