මහ මැතිවරණයේ තැපැල් ඡන්ද දැන්වීම් පත්‍රිකා නිකුත් කිරීම 26 වනදා

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද නිකුත් කිරීම මේ මස 23 වනදා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.

එමෙන් නිල තැපැල් ඡන්ද දැන්වීම් පත්‍රිකා නිකුත් කිරීම ලබන 26 වනදා සිදුකරන බවයි සභාපතිවරයා පැවසුවේ.

මේ අතර තැපැල් ඡන්ද දායකයින් සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ඔක්තෝම්බර් මස 30 වනදා ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඒ, අනුව සියලුම මැතිවරණ කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ශ්‍රී ලංකා පොලිසියට ඔක්තෝම්බර් මස 30 සහ නොවැම්බර් මස 04 වනදා අවස්ථාව ලබා දී තිබෙනවා.

ඊට අමතරව අනෙකුත් සියලුම ආයතන සහ යුද හමුදා කඳවුරුවලට නොවැම්බර් මස පළමු වනදා සහ 04 වනදා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වෙන්කර ඇති බවයි සභාපතිවරයා පැවසුවේ.

එම දිනවල දී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවන අය සඳහා නොවැම්බර් 07 සහ 08 යන දිනයන් වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද වැස්සේ සැර - රත්නපුරට ඇදහැළුණු මහ වැස්ස
01:40
Video thumbnail
කඩා හැලෙන වැස්ස ගැන විශේෂ දැනුම්දීමක්
02:24
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15