මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද සිට (වීඩියෝ)

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද භාර ගැනීම අද (25) සිට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ; දිස්ත්‍රික්ක 22ක තුළ ම දින 07ක කාලයක් තුළ දී තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමට කටයුතු සලසා ඇති බවයි.

පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීනව තරග කළ හැකි අපේක්ෂයින්ට මැතිවරණ නාම යෝජනා විවෘත ව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

මහ මැතිවරණය පැවැත්වෙන්නේ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ යි.

මහමැතිවරණය නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා නාම යෝජනා භාර ගැනීම ඔක්තෝබර් මස 04 වැනිදා සිට ඔක්තෝබර් මස 11 වැනිදා දහවල් 12 දක්වා සිදු කරනු ලබනවා

මෙම මැතිවරණය සඳහා ද මැතිවරණ වියදම් නියාමන පනත අදාළ වන අතර රාජ්‍ය දේපොළ පරිහරණ චක්‍රලේඛනය ද වලංගු වනු ඇති.

එමෙන්ම අද දින සිට මැතිවරණ නීති ක්‍රියාත්මක බවයි කොමිෂන් සභාව නිවේදනය කළේ.

සහනාධාර ආදිය බෙදාහැරීම කිසිලෙසකින් සිදු කළ නොහැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එළඹෙන නොවැම්බර් මස 14 වැනි දින මහ මැතිවරණය පැවැත්වෙන බව ජනාධිපතිවරයා විසින් ඊයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21