මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද සිට (වීඩියෝ)

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද භාර ගැනීම අද (25) සිට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ; දිස්ත්‍රික්ක 22ක තුළ ම දින 07ක කාලයක් තුළ දී තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමට කටයුතු සලසා ඇති බවයි.

පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීනව තරග කළ හැකි අපේක්ෂයින්ට මැතිවරණ නාම යෝජනා විවෘත ව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

මහ මැතිවරණය පැවැත්වෙන්නේ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ යි.

මහමැතිවරණය නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා නාම යෝජනා භාර ගැනීම ඔක්තෝබර් මස 04 වැනිදා සිට ඔක්තෝබර් මස 11 වැනිදා දහවල් 12 දක්වා සිදු කරනු ලබනවා

මෙම මැතිවරණය සඳහා ද මැතිවරණ වියදම් නියාමන පනත අදාළ වන අතර රාජ්‍ය දේපොළ පරිහරණ චක්‍රලේඛනය ද වලංගු වනු ඇති.

එමෙන්ම අද දින සිට මැතිවරණ නීති ක්‍රියාත්මක බවයි කොමිෂන් සභාව නිවේදනය කළේ.

සහනාධාර ආදිය බෙදාහැරීම කිසිලෙසකින් සිදු කළ නොහැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එළඹෙන නොවැම්බර් මස 14 වැනි දින මහ මැතිවරණය පැවැත්වෙන බව ජනාධිපතිවරයා විසින් ඊයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48
Video thumbnail
මහින්ද අමරවීරගෙන් CIDයට පැමිණිල්ලක්
02:06
Video thumbnail
බුදු පිළිම සිද්ධිය ගැන ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මේ ආණ්ඩුව කිසි කෙලෙහිගුණයක් නැති ආණ්ඩුවක්
08:58
Video thumbnail
අපි මැතිවරණයට සූදානම් වෙනවා - ආණ්ඩුවට බාධා කරන්නේ නෑ
05:01
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55


?