AFC Banner
AFC Banner
Empty Ad

මහ මඟ දී බිරිඳට ගිනි තබා ඝාතනය කළ සැමියා අත්අඩංගුවට

සිය බිරිඳව මහ මඟ දී පෙට්‍රල් දමා ගිනිතබා ඝාතනය කළ සැමියෙක් අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ වැල්ලම්පිටිය, සේදවත්ත, පී.ජේ. පෙරේරා මාවතේ පදිංචිව සිටි 44 හැවිරිදි දෙදරු මවක්.

අමතර පංති ගිය දියණිය රැගෙන ඒම සඳහා යමින් සිටි සිය බිරිඳ, සැකකාර සැමියා විසින් මහ මඟ දී පෙට්‍රල් දමා ගිනිතබා ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ සැකකාර සැමියා ද පිලිස්සුම් තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ කාන්තාව පසුගිය අප්‍රේල් මස 24 වනදා රාත්‍රී හතට පමණ, අමතර පන්ති ගිය දියණියව රැගෙන ඒම සඳහා නිවසින් පිටත්ව වැල්ලම්පිටිය කළු පාලම පසුකර හල්මුල්ල දෙසට පාගමනින් යමින් සිටියදී පෙට්‍රල් බෝතලයක් රැගෙන පසුපසින් හඹා හා සැමියා ඇයගේ කෙස් වැටියෙන් අල්ලා පෙට්‍රල් හිසට දමා ගිනි තබා මෙම අපරාධය සිදුකර තිබූ බවයි පොලිසිය පැවසුවේ.

එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් තුවාල ලබා සිටි කාන්තාව කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර සිටියදී ඊයේ (30) මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම අපරාධය සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකාර සැමියා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?