මහ මඟ දී බිරිඳට ගිනි තබා ඝාතනය කළ සැමියා අත්අඩංගුවට

සිය බිරිඳව මහ මඟ දී පෙට්‍රල් දමා ගිනිතබා ඝාතනය කළ සැමියෙක් අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ වැල්ලම්පිටිය, සේදවත්ත, පී.ජේ. පෙරේරා මාවතේ පදිංචිව සිටි 44 හැවිරිදි දෙදරු මවක්.

අමතර පංති ගිය දියණිය රැගෙන ඒම සඳහා යමින් සිටි සිය බිරිඳ, සැකකාර සැමියා විසින් මහ මඟ දී පෙට්‍රල් දමා ගිනිතබා ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ සැකකාර සැමියා ද පිලිස්සුම් තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ කාන්තාව පසුගිය අප්‍රේල් මස 24 වනදා රාත්‍රී හතට පමණ, අමතර පන්ති ගිය දියණියව රැගෙන ඒම සඳහා නිවසින් පිටත්ව වැල්ලම්පිටිය කළු පාලම පසුකර හල්මුල්ල දෙසට පාගමනින් යමින් සිටියදී පෙට්‍රල් බෝතලයක් රැගෙන පසුපසින් හඹා හා සැමියා ඇයගේ කෙස් වැටියෙන් අල්ලා පෙට්‍රල් හිසට දමා ගිනි තබා මෙම අපරාධය සිදුකර තිබූ බවයි පොලිසිය පැවසුවේ.

එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් තුවාල ලබා සිටි කාන්තාව කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර සිටියදී ඊයේ (30) මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම අපරාධය සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකාර සැමියා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14