AFC Banner
AFC Banner
Empty Ad

මහ බැංකු කර්තව්‍ය පාර්ලිමේන්තුවට (ඡායාරූප)

ශ්‍රී ලංකා මහ බැංකුවේ කර්තව්‍ය ගැන මහබැංකු අධිපතිවරයාගෙන් දැනුවත් කිරීමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ කර්තව්‍ය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, පාලක මණ්ඩලයේ හා මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින්, නියෝජ්‍ය අධිපතිවරුන් ඇතුළු මහ බැංකුවේ උසස් නිලධාරීන් මෙන්ම පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර සහ පාර්ලිමේන්තු කාර්යමණ්ඩල නිලධාරීහු පිරිසක් ද මෙම රැස්වීමට එක්ව සිටියා.

2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 80(2) (අ) වගන්තියෙහි විධිවිධාන ප්‍රකාරව, මහ බැංකුවේ අධිපතිවරයා, පාලක මණ්ඩලයේ සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින්, මහ බැංකුවේ සෑම නියෝජ්‍ය අධිපතිවරයෙකු ම පාර්ලිමේන්තුවේ ඉල්ලීම මත, පාර්ලිමේන්තුව විසින් හෝ එහි යම් කමිටුවක් විසින් මහ බැංකුවේ කර්තව්‍ය සම්බන්ධයෙන් සෑම මාස හතරකට ම වරක් විමසීමට ලක් කරනු ලැබිය යුතු බවට වන නීතිමය අවශ්‍යතාව සම්පූර්ණ කරමින් මෙම රැස්වීම පැවැත්වුණා.

පැවති තත්ත්වයට සාපේක්ෂව මෙරට උද්ධමනය 5% අගයක් දක්වා පහතට ගෙන ඒමට හැකි වූ බව ද ප්‍රතිපත්ති පොලී අනුපාතය පහතට ගෙන ඒමට හැකි වූ බව ද ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නා.

එසේම සංචිත ශක්තිමත් කිරීම හරහා විනිමය අනුපාතය ස්ථාවර කරමින් රුපියල ශක්තිමත් කිරීමට හැකි වූ බව ද ඒ මහතා සඳහන් කළා.

රටේ මූල්‍ය පද්ධතිය ස්ථාවර කිරීමට අදාළ කරුණු මහ බැංකු අධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

විශේෂයෙන් ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද මෙරට බැංකු පද්ධතිය කඩාවැටීම වළක්වා ගැනීමට හැකිවීම සුවිශේෂි කරුණක් බව ද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

ඒ සඳහා නව මහබැංකු පනත මෙන්ම බැංකු පද්ධතිය නියාමනය වෙනුවෙන් හදුන්වා දුන් නව නීති ඉවහල් වූ බව ද ඒ මහතා ප්‍රකාශ කළා.

බැංකු පද්ධතිය හා බැංකු නොවන මුල්‍ය පද්ධතිය මෙන්ම කොටස් වෙළඳපොළ හා රක්ෂණ ක්ෂේත්‍රය ඇතුළු සමස්ථ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සඳහා නව මහබැංකු පනත මගින් මුල්‍ය පද්ධති අධීක්ෂණ කමිටුවක් පත්කිරීම ඇතුළු මෙරට මූල්‍ය පද්ධතිය ස්ථාවර කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් තාක්ෂණික කරුණු පැහැදිලි කිරීම මෙහිදී සිදුවුණා.

වත්මන් මූල්‍ය තත්ත්වය සහ ඊට අදාළ කරුණු පිළිබඳව මන්ත්‍රීවරු ඉදිරිපත් කළ ගැටලුවලට මහබැංකු අධිපතිවරයා විසින් පිළිතුරු ලබාදෙනු ලැබුවා.

මහ බැංකුවේ කාර්යභාරය සහ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ විනිවිදභාවයෙන් සහ වගවීමෙන් යුතුව පාර්ලිමේන්තුව දැනුවත් කිරීම සහ මෙලෙස සාකච්ඡා කිරීම ඉතා වැදගත් බව මෙම රැස්වීමට සහභාගී වූ මන්ත්‍රීවරු පෙන්වා දුන්නා.

2024 Global Finance’s Central Banker වාර්තා අනුව ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාට ගෞරවනීය පිළිගැනීමක් ලැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔහුට සුබ පැතුම් එක් කළා.

බැංකු පනත මගින් මුල්‍ය පද්ධති අධීක්ෂණ කමිටුවක් පත්කිරීම ඇතුළු මෙරට මූල්‍ය පද්ධතිය
ස්ථාවර කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් තාක්ෂණික කරුණු පැහැදිලි කිරීමක් මෙහි දී සිදු වුණා.

CBSL Meeting 20240903 8 1
CBSL Meeting 20240903 7 2
CBSL Meeting 20240903 9 1
CBSL Meeting 20240903 2 1
CBSL Meeting 20240903 14 2
CBSL Meeting 20240903 11 1
CBSL Meeting 20240903 12 1

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?