AFC Banner
Empty Ad
Empty Ad

මහ බැංකු අධිපති ගැන ජනපති පැවසූ දේ

මහබැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ මහබැංකු අධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස දන්වා ඇතිබවට පළවන වාර්තා අසත්‍ය බවයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කරනු ලැබූ නිවේදනය පහතින් දැක්වේ,

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කෙරෙහි මාගේ උපරිම විශ්වාසය ඇති අතර, රට මුහුණ දෙන බරපතළ ආර්ථික අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේ දී ප්‍රබල ශක්තියක් ලෙස ඔහු ක්‍රියාකරයි.

IMF දූත පිරිස, නිලධාරීන් ගැන සාකච්ඡා නොකළ අතර, මහ බැංකු අධිපති කබ්රාල් මහතා ද සහභාගි වූ එම හමුවේ දී සාකච්ජාවට ලක් වූයේ මුල්‍යමය ගැටළු පිළිබඳ පමණි.

මෙවැනි අසත්‍ය සහ ව්‍යාජ වාර්තා වලින් අධෛර්යයට පත් නොවන ලෙසත්, අප රටේ ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ඔහුගේ සියලු වැදගත් කාර්යයන් අඛණ්ඩව ඉටුකරගෙන යන ලෙසත් මම මහ බැංකු අධිපති කබ්රාල් මහතා වෙත පෞද්ගලිකව දන්වා ඇත.

(ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ දැනුම් දීමකි.)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?