මහ බැංකු අධිපතිගෙන් වාණිජ බැංකුවලට දැනුම් දීමක්

ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කිරීමට සමගාමීව ණය පොලී අනුපාත අඩු කරන ලෙස මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා බලපත්‍රලාභී වාණිජ බැංකුවලින් ඉල්ලීමක් කර තිබෙනවා.

ශ්‍රී ලංකා බැංකු සංගමයට ලිපියක් යවමින් නන්දලාල් වීරසිංහ මහතා ඉල්ලා ඇත්තේ ණය පොලී අනුපාතික ප්‍රමාණවත් ලෙස අඩු කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසටයි.

පොලී අනුපාත ප්‍රමාණවත් ලෙස සහ කඩිනමින් අඩු නොකළහොත් පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව අධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

පසුගිය මාස දෙක තුළ මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත සැලකිය යුතු ලෙස අඩු කළද, ඊට අනුකූලව ණය පොලී අනුපාත අඩු කිරීමට බැංකු පසුබට වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
3
+1
16
+1
0
+1
1
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?