මහ බැංකුවේ නිල සංචිත වත්කම් පහළ බසියි – රන් සංචිත 70% කින් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය මාර්තු මාසයේදී සියයට 16.1කින් පහළ ගොස් තිබෙනවා. මහ බැංකුවේ නිල වාර්තාවකට අනුව මේ බව අනාවරණය වී ඇත.

2022 පෙබරවාරි මාසයේදී නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 2311ක් ලෙස පැවති අතර එය මාර්තු මාසය අවසන් වනවිට ඩොලර් මිලියන 1939ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

එහිදී විදේශ විනිමය සංචිතය මාර්තු මාසය තුළදී ඩොලර් මිලියන 2026 සිට ඩොලර් මිලියන 1724ක් දක්වා සියයට 14.9කින් අඩුවී ඇත.

මේ අතර මාර්තු මාසයේදී රන් සංචිතය ඩොලර් 98 සිට ඩොලර් මිලියන 28 දක්වා අඩුවී ඇති අතර එය සියයට 70ක ප්‍රමාණයකින් පහළයාමක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?