මහ බැංකුවෙන් ලක්ෂ පනහේ මුදල් බණ්ඩලයක් පැන්නූ සිද්ධිය ගැන පරීක්ෂණ 02ක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිකුතු සුරක්ෂිතාගාරයේ තැන්පත් කර තිබූ ලක්ෂ පනහේ මුදල් බණ්ඩලයක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් පැවැත්වෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අද (28) පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙම පරීක්ෂණවලින් එක පරීක්ෂණයක් සහකාර අධිපතිවරයකුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අභ්‍යන්තර පරීක්ෂණයක් බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද පරීක්ෂණයක් සිදුකරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

මේ අතර විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙස මහ බැංකු අධිපතිවරයා පොලිස්පතිට දැනුම්දී ඇති බව ද ෂෙහාන් සේමසිංහ අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?