මහ පාරේ හිඟාකන බිලියන ගණනක වත්කමක් හිමි ලොව ධනවත්ම හිඟන්නා

බිලියන ගණනක ශුද්ධ වත්කමක් හිමි ලොව ධනවත්ම යාචකයා පිළිබඳ පුවතක් ඉන්දීය මධ්‍ය වාර්තා කරනවා.

භාරත් ජේන් නමැති මෙම පුද්ගලයා මුම්බායි නගරයේ වීදිවල සිඟමන් යදින අයුරු අද වනවිටත් දැකගත හැකි බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.

හිඟාකෑම නව මානයකට ගෙන යමින් ලාභ උපයන සහ ලාභදායි වෘත්තියක් බවට පත් කරගත් භාරත් ජේන්ගේ මේ වනවිට ශුද්ධ වත්කම ඉන්දීය රුපියල් බිලියන 7.5ක් බවයි වාර්තා වන්නේ.

භාරත්ට බිරිඳක් සහ පුතුන් දෙදෙනෙකු ද සිටින අතර, හිඟාකෑමෙන් ඔහුගේ මාසික ඉපැයීම ඉන්දීය රුපියල් 60,000 සිට 75,000 දක්වා වන බව සඳහන්.

මොහුට රුපියල් කෝටි 1.2 ක් වටිනා මුම්බායි හි මහල් නිවාසයක් ද හිමි අතර, මසකට රුපියල් 30,000ක මුදලකට කුලී පදනම මත ලබාදී ඇති තානේ හි සාප්පු දෙකක් ද හිමි බවයි වාර්තා වන්නේ.

ඔහුගේ දරුවන් කන්‍යාරාම පාසලකට ගොස් අධ්‍යාපනය අවසන් කර ඇති අතර, භාරත්ගේ පවුලේ සාමාජිකයින් මුම්බායි නුවර පරෙල් හී මහල් නිවාසයක ජීවත්වන බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔහුගේ අනෙකුත් පවුලේ සාමාජිකයන් ලිපි ද්‍රව්‍ය ගබඩාවක් පවත්වාගෙන යන අතර මිනිසුන්ගේ ත්‍යාගශීලීභාවයට ස්තූතිවන්ත වන්නට පැය 10 සිට 12 දක්වා කාලයක් තුළ දිනකට රුපියල් 2,000-2,500ක් පමණ මුදලක් භාරත් උපයා ගැනීමට සමත්වන බව සඳහන්.

භාරත්ගේ පවුලේ සාමාජිකයින් හිඟාකෑම නවත්වන ලෙසට නිරන්තරයෙන් පවසන නමුත් ඔහු ඔවුන්ගේ උපදෙස් නොසලකා හරිමින් හිඟාකෑමේ කාර්යය දිගටම කරගෙන යන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
12
+1
23
+1
31
+1
5
+1
11
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුන් කැලේ හිටියේ - පන්සලේ සිවුරට පිහිට වෙලා ජීවිත බේරාගත්තේ
08:03
Video thumbnail
ආනන්ද පාලිතගෙන් විමල්ට සැර සත්තමක්.."කඩේ යන එකත් සීමාවක් තියාගන්න..අපිව අන්ධන්න එපා"
06:21
Video thumbnail
අලුත් වාහනයක් ගන්න මිනිස්සු හොයාගෙන එන විශ්වාසය දිනූ එකම තැන Intimate Lanka (PVT) LTD
15:02
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ කළ ප්‍රධාන මාර්ග බැලිමට NBRO නිලධාරින් එයි
03:13
Video thumbnail
මාලිමාවට හරිනි හිසරදයක් වෙලා - පැලවත්තෙන් තමයි රට පාලනය කරන්නේ
17:06
Video thumbnail
බන්ධනාගාරය අපරාධකායෝ බිහිකරන ෆැක්ටරියක්..ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පතිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
14:02
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34
Video thumbnail
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝ#බ බියක්..කාර්යාලයේ නිලධාරින් ඔක්කොම ඉවත් කරයි
01:02
Video thumbnail
දිට්වා කරපු විනාශය නිසා සිරවී තිබෙන දුම්‍ රිය..හදිස්සියට ලෙඩෙක්වත් අරන් යන්න බැහැ..ගොඩක් අසරණවෙලා
08:28


?