මහ පාරේ හිඟාකන බිලියන ගණනක වත්කමක් හිමි ලොව ධනවත්ම හිඟන්නා

බිලියන ගණනක ශුද්ධ වත්කමක් හිමි ලොව ධනවත්ම යාචකයා පිළිබඳ පුවතක් ඉන්දීය මධ්‍ය වාර්තා කරනවා.

භාරත් ජේන් නමැති මෙම පුද්ගලයා මුම්බායි නගරයේ වීදිවල සිඟමන් යදින අයුරු අද වනවිටත් දැකගත හැකි බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.

හිඟාකෑම නව මානයකට ගෙන යමින් ලාභ උපයන සහ ලාභදායි වෘත්තියක් බවට පත් කරගත් භාරත් ජේන්ගේ මේ වනවිට ශුද්ධ වත්කම ඉන්දීය රුපියල් බිලියන 7.5ක් බවයි වාර්තා වන්නේ.

භාරත්ට බිරිඳක් සහ පුතුන් දෙදෙනෙකු ද සිටින අතර, හිඟාකෑමෙන් ඔහුගේ මාසික ඉපැයීම ඉන්දීය රුපියල් 60,000 සිට 75,000 දක්වා වන බව සඳහන්.

මොහුට රුපියල් කෝටි 1.2 ක් වටිනා මුම්බායි හි මහල් නිවාසයක් ද හිමි අතර, මසකට රුපියල් 30,000ක මුදලකට කුලී පදනම මත ලබාදී ඇති තානේ හි සාප්පු දෙකක් ද හිමි බවයි වාර්තා වන්නේ.

ඔහුගේ දරුවන් කන්‍යාරාම පාසලකට ගොස් අධ්‍යාපනය අවසන් කර ඇති අතර, භාරත්ගේ පවුලේ සාමාජිකයින් මුම්බායි නුවර පරෙල් හී මහල් නිවාසයක ජීවත්වන බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔහුගේ අනෙකුත් පවුලේ සාමාජිකයන් ලිපි ද්‍රව්‍ය ගබඩාවක් පවත්වාගෙන යන අතර මිනිසුන්ගේ ත්‍යාගශීලීභාවයට ස්තූතිවන්ත වන්නට පැය 10 සිට 12 දක්වා කාලයක් තුළ දිනකට රුපියල් 2,000-2,500ක් පමණ මුදලක් භාරත් උපයා ගැනීමට සමත්වන බව සඳහන්.

භාරත්ගේ පවුලේ සාමාජිකයින් හිඟාකෑම නවත්වන ලෙසට නිරන්තරයෙන් පවසන නමුත් ඔහු ඔවුන්ගේ උපදෙස් නොසලකා හරිමින් හිඟාකෑමේ කාර්යය දිගටම කරගෙන යන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
12
+1
23
+1
31
+1
5
+1
11
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන අහද්දි මාලිමා මන්ත්‍රීගේ කතා බහ උණුසුම් වෙයි - කිසි වංචාවක් කරලා නෑ
06:30
Video thumbnail
ආණ්ඩුව කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති මොනවද ?නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අපි ඉවත් කළා
08:22
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:18
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහල් දෙන්න තීරණයක් කළේ නෑ..යෝජනාවක් විතරයි
10:35
Video thumbnail
කසිප්පුකාරයා කිව්ව එක ගැන අහද්දි චන්දනට කට උත්තර නැතිවෙයි ?කිසිසේත්ම එහෙම ආමන්ත්‍රණයක් නෑ
08:42
Video thumbnail
අමෙරිකාවට හෙම්බිරිස්සාවක් හැදෙද්දි අපිට නිවිමෝනියාව හැදෙන ආර්ථිකයක්ද තාම තියෙන්නේ ?
07:39
Video thumbnail
අපි මේ දෙන්න පුළුවන් උපරිම සහනය දෙනවා - ඉන්ධන මිල අඩුවෙන්ම අඩු කරෙත් මේ ආණ්ඩුවද ?
05:25
Video thumbnail
මන්ත්‍රී අනුරාධ ජයරත්න දීපු පොසොන් පරාටා දන්සල - මිනිස්සු දිගු පෝළිම්වල
04:01
Video thumbnail
හදිසියේම ලයිව් ආපු Mr. කොත්තු කිව්ව දේ - හැම වීඩියෝ එකක්ම ඇත්ත AI නෙවෙයි..ලොකු කලකිරීමක් තියෙනවා
08:04
Video thumbnail
සිසුන් 4ක් එළොව යැවූ වනාතවිල්ලුවේ ඔරු අනතුරේ නවතම දර්ශන - "ඔක්කොම හිටියේ මඩේම තමයි..හොයන්න බෑ"
01:31