මහ පාරේ කරදරයක් වූ ස්පයිඩර්මෑන්ට රුපියල් 15,000ක දඩයක්

ස්පයිඩර්මෑන් ඇඳුමකින් සැරසී හිස්වැස්මක් ද නොමැතිව කාර්යබහුල වීදියක යතුරුපැදියේ අධික වේගයෙන් ගමන් කළ පුද්ගලයෙක්ට පොලිසිය විසින් දඩයක් නියම කළ පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඔඩීෂා ප්‍රාන්තයේ රූර්කේලා හිදී මෙම සිදුවීම සිදුව ඇති අතර, මොහුගේ මෙම අපරික්ෂාකාරී යතුරුපැදි ධාවනය හේතුවෙන් අනෙකුත් රියදුරන් සහ පදිකයින් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඊට අමතරව, ඔහුගේ යතුරුපැදියේ පුපුරන සුලු ශබ්දයක් නිකුත් කරන නවීකරණය කරන ලද සයිලන්සරයක් ද සවිකර තිබූ බවයි රූර්කේලා පොලිසිය සඳහන් කර සිටියේ.

මෙලෙස මහා මාර්ගයේ මාර්ග නීති උල්ලංඝනය කරමින්, මහජනතාවට පීඩාවක් ගෙනෙනන අයුරින් කටයුතු කළ යතුරුපැදිකරු පොලිසිය විසින් නවතා ඔහුගේ යතුරුපැදිය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

එහිදී හිස්වැස්මක් පැළඳ නොසිට යතුරුපැදියක් පැදවීම, වේග සීමාව උල්ලංඝනය කිරීම සහ නවීකරණය කරන ලද සයිලන්සරයක් භාවිත කිරීම යන චෝදනා මත මෙම පුද්ගලයාට ඉන්දීය රුපියල් 15,000ක දඩ මුදලක් පැනවීමට කටයුතු කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
31
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනයනය සඳහා පනවපු සෙස් බද්ද අප්‍රේල් ඉවත් කරනවද ?.. අප්‍රේල් 01, බද්ද 100% ඉවත් කරන්නේ නෑ
05:15
Video thumbnail
භාණ්ඩ සඟවගෙන ඉන්න අයට වැඩ වරදියි..පාරිභෝගික අධිකාරියෙන් විශේෂ වැඩළිවෙලක්
02:56
Video thumbnail
අනුරාධපුර ඉන්ධන බවුසර් හිමියන් වැඩ වර්ජනයක.."බොසාලා කිව්වා තෙල් අදින එක නවත්තන්න කියලා"
03:50
Video thumbnail
ටැංකි රථකරුවක් ඉන්ධන බෙදාහැරීම නවත්වයිද ?..සාධනීය පිළිතුරක් නැති වුණොත් තීරණයක් ගන්නවා
05:23
Video thumbnail
කොටියෙකු නිසා හිමිනමක් අපවත් වූ සිද්ධිය ගැන කරුණු රැසක් එළියට.."ලෙනට අපහසුවෙන් බඩගාගෙන ගිහින්"
05:36
Video thumbnail
වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අතේ මාට්ටු
00:31
Video thumbnail
පොලිස් වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අතේ මාට්ටු..ෆුල් Search එකක් දෙන හැටි
00:53
Video thumbnail
ජනතාව දැන් ආණ්ඩුවට යුද ප්‍රකාශ කරලා තියෙන්නේ..සිංහල අලුත් අවුරුද්ද කන්න නෙවෙයි ලෙවකන්න වෙලා..
03:45
Video thumbnail
ත්‍රීවිල් රථයක පාපැදියක් ගැටී පාපැදිකරු එතනම එළොව යයි
00:35
Video thumbnail
අහිංසකයින්ට බදු ගහලා ඒකෙන් ඉන්ධන ගෙනත් විශාල ජාවාරමක් කළා..බොරුවෙන් රජ එක නවත්වන්න
04:03