ස්පයිඩර්මෑන් ඇඳුමකින් සැරසී හිස්වැස්මක් ද නොමැතිව කාර්යබහුල වීදියක යතුරුපැදියේ අධික වේගයෙන් ගමන් කළ පුද්ගලයෙක්ට පොලිසිය විසින් දඩයක් නියම කළ පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.
ඔඩීෂා ප්‍රාන්තයේ රූර්කේලා හිදී මෙම සිදුවීම සිදුව ඇති අතර, මොහුගේ මෙම අපරික්ෂාකාරී යතුරුපැදි ධාවනය හේතුවෙන් අනෙකුත් රියදුරන් සහ පදිකයින් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ඊට අමතරව, ඔහුගේ යතුරුපැදියේ පුපුරන සුලු ශබ්දයක් නිකුත් කරන නවීකරණය කරන ලද සයිලන්සරයක් ද සවිකර තිබූ බවයි රූර්කේලා පොලිසිය සඳහන් කර සිටියේ.
මෙලෙස මහා මාර්ගයේ මාර්ග නීති උල්ලංඝනය කරමින්, මහජනතාවට පීඩාවක් ගෙනෙනන අයුරින් කටයුතු කළ යතුරුපැදිකරු පොලිසිය විසින් නවතා ඔහුගේ යතුරුපැදිය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.
එහිදී හිස්වැස්මක් පැළඳ නොසිට යතුරුපැදියක් පැදවීම, වේග සීමාව උල්ලංඝනය කිරීම සහ නවීකරණය කරන ලද සයිලන්සරයක් භාවිත කිරීම යන චෝදනා මත මෙම පුද්ගලයාට ඉන්දීය රුපියල් 15,000ක දඩ මුදලක් පැනවීමට කටයුතු කර ඇති බව සඳහන්.





